ශ්‍රී ලංකාවේ කාන්තා හිංසනය එක්සත් ජාතීන්ගේ අවධානයට
- 2017-02-08 00:09:19
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක කාන්තා ප්‍රචණ්ඩත්වය වැළැක්වීමට ගෙන ඇති පියවර විමර්ශනය කිරීම සඳහා කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය තුරන් කිරීම සඳහා වන එක්සත් ජාතීන්ගේ කමිටුව ලබන 22 වැනිදා සිට මාර්තු 03 වැනිදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී රැස්වෙන බව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය සඳහන් කරයි.
මෙම එක්සත් ජාතීන්ගේ කමිටුව රැස්වෙන ප්‍රථම දිනයේදීම ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ සාකච්ඡාවට කරන බවද එම කාර්යාලය පවසයි.මෙහිදී ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් රජයේ නිලධාරීහු පිරිසක්ද සහභාගී වෙති.
ශ්‍රී ලංකාවට අමතරව යුක්රේනය ,අයර්ලන්තය ,ජෝර්දානය ,එල් සැල්වදෝරය ,ජර්මනිය ,රුවන්ඩාව සහ මයික්‍රොනීෂියාව යන රටවල් ගැනද සොයා බැලෙනු ඇත.
(ලංකාදීප ඇසුරිනි- තිළිණි ද සිල්වා)
Reply To:
Name - Reply Comment
0 Comments