Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ගුවන් මගීන් ප්‍රවාහනය දැනට ලොවපුරා පැතිර පවතින කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා අඩාල වී පැවතීම නිසා ශ්‍රී ලන්කන් ගුවන් සේවය ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයට පිවිසීම සිදු කළ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා පැවසීය .

ඒ මහතා එසේ පැවසූවේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය තම ප්‍රථම ගුවන් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය සකස් කර එළිදැක්වීම සදහා අද (25)  දින උදෑසන 9.00 ට කටුනායක ගුවන් තොටුපළ 747 ප්‍රධාන නඩත්තු අංගනයේ පැවති උත්සවයකදී ය.

එහිදී මෙම ගුවන් යානය නවතා තිබූ 747 ප්‍රධාන නඩත්තු අංගනය තුළ ගිනි දැල්වීම තහනම් නිසා , චිරාගත සම්ප්‍රදායානුකූල පොල්තෙල් පහන දැල්වීම වෙනුවට , විදුලි බුබුළු සවි කර තිබූ පහනක් ආලෝකමත් කිරීමෙන් එම කටයුත්ත සිදු වීම විශේෂත්වයකි .

මේ සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ගුවන් යානා සමූහය අතුරින් ඒ.- 330 - 200 එයා බස් වර්ගයේ ගුවන් යානයක් තෝරා ගෙන තිබුණි .

මෙම ගුවන් යානය තුළ වූ ආසන ගලවා ඉවත් කර , භාණ්ඩ සුරක්ෂිතව ප්‍රවාහනය කිරීමට යෝග්‍ය වන පරිදි , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඉංජිනේරුවරුන් විසින් දින 10 ක් තුළ සකස් කර තිබුණි .

මෙම ගුවන් යානය තුළ ඝන මීටර් 170 ක භාණ්ඩ ඇසිරීමේ පහසුකම් ඇති අතර , මෙම ගුවන් යානයෙන් මෙට්ට්‍රික් ටොන් 45 ක සමස්ත  ධාරිතාවය ඇති භාණ්ඩ තොගයක් එකවර ප්‍රවාහනය කළ හැකිය .

මෙම ගුවන් යානය හෙට (26)  දින පළමු භාණ්ඩ තොගය රැගෙන සිංගප්පූරුව බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යෑමට නියමිතය .

ඉදිරියේ දී මෙම ගුවන් යානය යුරෝපය , මැදපෙරදිග , ඕස්ට්‍රේලියාව , ඉන්දියාව සහ ඈත පෙරදිග ඇතුළු ගමනාන්ත 20 කට ගුවන් භාණ්ඩ රැගෙන ගුවන් ගැනීමට නියමිතය .

සමස්ත  ලෝකයේත් , ශ්‍රී ලංකාවේත් , විශේෂයෙන් අපනයන ක්ෂේත්‍රයේ මේ වනවිට ගුවන් භාණ්ඩ ප්‍රවාහනය සදහා වැඩි ඉල්ලුමක් ඇති වී තිබෙන බව අනාවරණය වී තිබේ .

මෙම උත්සව අවඅවස්ථාවට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ , ශ්‍රී ලන්කන් ගුවන් භාණ්ඩ අංශයේ ප්‍රධානී චාමර රණසිංහ , ප්‍රධාන විධායක අධ්‍යක්ෂ විපුල ගුණතිලක , එක්ස්පෝ ලංකා සමාගමේ හනීෆ් යූෂුප් සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාරිභෝගිකයන් , භාණ්ඩ ප්‍රවාහන නියෝජිතයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රාශියක් සහභාගී වී සිටියහ .

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.