Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි විශේෂ අවශ්‍යතා සහිත සිසුන් 250කට ශිෂ්‍යාධාර ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
 ඉකුත් අගෝස්තු මාසයේ පැවති ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වූ විශේෂ අවශ්‍යතා සහිත සිසු සිසුවියන් අතුරින් 250 දෙනෙකුට මෙලෙස ශිෂ්‍යාධාර ලබාදීමට නියමිතය.
 මෙතෙක් සිසුන් 15,000කට පමණක් පහ ශ්‍රේණිය ශිෂ්‍යාධාර හිමිව තිබූ අතර එය මේ වර්ෂයේ සිට සිසුන් 20,000 ක්  දක්වා ඉහළ නැංවීමට මේ වන විට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. එම ශිෂ්‍යයන් සංඛ්‍යාව අතරින් ශිෂ්‍යත්ව විභාගයට ලබාගන්නා ලකුණු පදනම් කරගනිමින් සිසුන් 19,750ක් ශිෂ්‍යාධාර පිරිනැමීම සඳහා තෝරා ගැනෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඉතිරි 250 තෝරාගනුයේ විභාගයට ඉදිරිපත් වූ විශේෂ අවශ්‍යතා සහිත සිසුන් අතරිනි.
 
ඔවුන් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම පදනම් කරගනිමින් මෙම ශිෂ්‍යාධාර ලබාදීමට නියමිත අතර එම ශිෂ්‍යාධාර අරමුදල 6 ශේණියේ සිට 13 දක්වාම අදාළ සිසුන් වෙත ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.