Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථම, දෙවන හා තෙවන ආදී ස්ථාන නම් නොකර මෙවර ප්‍රතිඵල නිකුත් කිරීම නිසා එම විභාගයට පෙනී සිටි දරුවන්ට තවත් සිසුවකු සමඟ සැසඳීමකින් හා කිසිදු පීඩනයකින් තොරව ඉදිරි අධ්‍යාපන කටයුතුවල යෙදීමේ වරම ලබාදීමට තමාට හැකි වූ බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

සිසු දරුවන් විභාගවලදී පැය කිහිපයක් ඇතුළත ප්‍රශ්න පත්‍රවලට සපයන පිළිතුරුවලින්  ලබන ප්‍රතිඵල මත පමණක් ඔවුන්ගේ දක්ෂ අදක්ෂ බව තක්සේරු කිරීම තමන් අනුමත නොකරන බැවින්, පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ ප්‍රථම, දෙවන, තෙවන යනාදී ස්ථාන නම් නොකිරීමට තමා ගනු ලැබූ තීරණය පරිදි මෙවර ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කරන ලද බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

එමෙන්ම ශිෂ්‍යත්ව විභාගය සඳහා පවතින අනවශ්‍ය තරඟකාරිත්වය මත දරුවන්ට අහිමි වන ළමා කාලය නැවතත් ඔවුන්ට ලබාදීමට ගනු ලැබූ මෙම තීරණය ඉදිරියටත් ක්‍රියාත්මක කිරිමෙන් හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බව ද අමාත්‍යවරයා  මෙහිදි සඳහන් කළේය.

පාසලක සියලුම දරුවන්ට සමානව සැලකිය යුතු වුවත්, මෙතෙක් සිදු වූයේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත් වූ කිහිප දෙනෙකු පමණක් ප්‍රදර්ශනාත්මකව අගය කිරිම බවත්  අනෙක් සිසුන් අපහසුතාවයට පත් කරන එම සම්ප්‍රදාය වෙනස් කිරීම සඳහා තමාගේ මෙම තීරණය දරුවන්ට පමණක් නොව ඔවුන්ගේ මවුපියන්ට, ගුරුවරුන්ට අස්වැසිල්ලක් වූ බව බොහෝ විදුහල්පතිවරුන් හා ගුරු දෙගුරුන් තමාට ප්‍රකාශ කළ බව  ද අමාත්‍යවරයා සඳහන් කරයි.‍

දරුවන්ට නිදහසේ සිය අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථා සලසාදීම සඳහා අ.පො.ස. (සා.පෙළ) විභාගයේ සමත් අසමත්භාවය නොසලකා සිය නිපුණතාව හා කැමැත්ත පරිදි අඛණ්ඩ අධ්‍යාපනයක් ලැබීමට “13 වසරක සහතික කළ අධ්‍යාපනය” වැනි විප්ලවීය වැඩසටහනක් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දැඩි කැපවීමකින් ක්‍රියාත්මක කිරීමට තමාට හැකි වූ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.