ශිෂ්‍යත්වය පිළිතුරුපත් පරීක්ෂාව 15 සිට 20දා දක්වා
- 2019-08-05 10:32:40
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පිළිතරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු මේ මස 15 වැනි දින සිට 20 වැනි දින දක්වා ඇගයීම් මණ්ඩල හාරසිය තිස්හයක් යටතේ සිදුකෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා ගුරුවරුන් හයදහස් නවසිය හැත්තෑ හයක් යෙදවීමට නියමිත අතර, ශිෂ්‍යත්ව විභාගය අවසන් වුවත් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය රහස්‍ය ලේඛනයක් බවද විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.
මේ හේතුවෙන් ප්‍රශ්න පත්‍ර ළඟ තබා ගැනීම, පිටපත් කිරීම, ඡායා පිටපත් ලබාගැනීම, විකිණීම, මුද්‍රණය කිරීම, අන්තර්ජාලයට හෝ සමාජ ජාලවලට මුදාහැරීම, ප්‍රදර්ශනය කිරීම, ප්‍රසිද්ධ කිරීම තහනම් බවද ඒ මහතා පැවසීය.
යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් මෙම නීති කඩකළහොත් ළඟම පොලීසියට හෝ විභාග දෙපාර්තමේන්තුවට දන්වන ලෙසද හෙතෙම ඉල්ලා සිටියේය.
මේ අනුව 1911 හෝ 0112784208 හෝ 0112784537 මගින් විභාග දෙපාර්තමේන්තුවට හෝ 119 හෝ 0112421111 මගින් පොලීසියට දන්වන ලෙසද විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා වැඩි දුරටත් සඳහන් කළේය. ඊයේ පැවැත් වූ ශිෂ්‍යත්ව විභාග සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් තුන්ලක්ෂ තිස්නව දහස් තුන්සිය හැට නවයක් පෙනී සිට තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments