ශිෂ්‍යත්වය සමත් හපනුන් 6ක් ආසියානු ෆැසිෆික් ළමා සමුළුවට
- 2018-07-12 13:39:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2017 වසරේ පැවති ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම සමත් සිසු සිසුවියන් හය (06) දෙනෙකුට සාමය හා සහජීවනය තේමා කරගත් ආසියානු ෆැසිපික් ළමා සමුළුව නියෝජනය කිරීම සඳහා අවස්ථාව ලැබී ඇත.
ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය ගුවන් ප්‍රවේශ පත්‍ර ලබාදීම අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ඊයේ (11දා) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් සිදු වුණා.
30 වන වරටත් සංවිධානය කර ඇති මෙම සමුළුව ජූලි මස 13 වන දින සිට 23 දින දක්වා ජපානයේ ෆුකෝකා නුවර පැවැත්වෙයි.
ශ්‍රී ලංකාව ආරම්භක සාමාජිකයකු වන ආසියානු ෆැසිපික් ළමා සමුළුව සාමාජික රටවල් හතළිස් පහකින් සමන්විත වන අතර, ශ්‍රී ලංකාවේ නිල සම්බන්ධිකරණය සිදු කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments