ශිෂ්‍යත්වය, OL හා AL අයදුම්පත් කැඳවීම ඔන්ලයින් ක්‍රමයෙන්
- 2020-02-12 15:48:06
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මේ වසරේ සිට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවත්වන ප්‍රධාන විභාග තුනක් සඳහා ඔන්ලයින් ක්‍රමයට අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
මේ අනුව පහ වසර ශිෂ්‍යත්ව විභාගය අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හා උසස් පෙළ විභාගය සඳහා ඔන්ලයින් ක්‍රමයට අයදුම් පත් කැඳවීමට අවශ්‍ය මූලික කටයුතු සිදු කර තිබෙන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීට අමතරව පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ සිට සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකටම අනන්‍ය වූ ශිෂ්‍ය අංකයක් ලබාදීමට සැලසුම් කර තිබෙන අතර, එම අංකයට ශිෂ්‍යයාගේ විභාග ප්‍රතිඵල හා බාහිර ක්‍රියාකාරකම් ඇතුළත් කිරීමටත් සැලසුම් කර තිබේ.
උසස් පෙළ විභාගයට අදාළව ගිණුම්කරණය, ජෛව පද්ධති තාක්ෂණවේදය, ඉංජිනේරු තාක්ෂණවේදය සහ තාක්ෂණවේදය හා විද්‍යාව විෂයයන් සඳහා වැඩසටහන් සම්පාදනය කළ නොහැකි ගණක යන්ත්‍ර (Non Programmable Calculators) භාවිත කිරීම සඳහා අවස්ථාව ලබාදීමටද සැලසුම් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments