ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි - දිස්ත්‍රික් හෝ දිවයින් තාරා නෑ
- 2019-10-06 12:01:19
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2019 අගෝස්තු මාසයේ පැවැති ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වී ඇති අතර www.donets.lk වෙබ් අඩවියට පිවිස එම ප්‍රතිඵල බලා ගැනීමට අවස්ථාව තිබේ.
ප්‍රතිඵල නිකුත් වූ ශිෂ්‍යත්ව විභාගයේ මෙවර දිවයින් හෝ දිස්ත්‍රික් තාරා (Rank) නිකුත් නොකරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ප්‍රතිඵල නිකුත් කිරීමේදී අපේක්ෂකයා ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව දිස්ත්‍රික්කය හා මාධ්‍ය අනුව අදාළ කඩයිම් ලකුණු සමග සඳහන් කරන බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි.
එසේම ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කරන්නේ නම් එළැඹෙන 21 දාට පෙර සිදුකරන ලෙසත් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කොළඹ හා ජයවර්ධනපුර කලාපවලට අයත් පාසල්වල ප්‍රතිඵල ලේඛන අදාළ පාසල් ප්‍රධානීන් හට හෙට (07දා) පෙ.ව. 9.00 න් පසු මෙම දෙපාර්තමේන්තුව පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව වෙත පැමිණ ලබාගත හැකි බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි.
අනෙකුත් පාසල්වල ප්‍රතිඵල ලේඛන එම පාසල් වෙත තැපැල් කරන බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි.
Reply To:
Name - Reply Comment
0 Comments