ශිෂ්‍යත්ව පිළිතුරු පත්‍ර පරීක්ෂා කර අවසන්
- 2018-09-03 11:47:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පහවසර ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්‍ෂා කිරීම අවසන් බවත්, මේ වන විට ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු සිදු කරමින් තිබෙන බවත් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.
මීට අමතරව උස්ස පෙළ විභාගය පෙරේදා (01දා) දිනයේදී සාර්ථකව අවසන් වූ බවද හෙතෙම පවසා සිටියේය.
පහ වසර ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු 05 වැනිදා මධ්‍යස්ථාන 3,050කදී පැවැත්වූ අතර, ඒ සඳහා ශිෂ්‍යශිෂ්‍යාවෝ තුන්ලක්‍ෂ පනස්පන්දහස් තුන්සියවිසිහයක් පෙනී සිටියහ.ඉන් අසූහත්දහස් පන්සියපනස්හයක් දෙමළ භාෂාවෙන් පෙනී සිටියහ.
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව පසුගිය අගෝස්තු 15 වැනිදා සිට 21 වැනිදාදක්වා ඇගයීම් මණ්ඩල 428ක් යටතේ පැවැත්විය.
උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියරේ කටයුතු අගෝස්තු 23 වැනිදා සිට මේ මස 05 වැනිදා දක්වා පැවැත්වෙන අතර, ඒ වෙනුවෙන් පාසල් 37ක් එදින තෙක් වසා තැබේ.
එම පාසල් 06 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, සෙසු පාසල් අද (03දා) දිනයේදී ආරම්භ වේ.
Reply To:
Name - Reply Comment
0 Comments