Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

 

5 වසර ශිෂ්‍යත්වය විභාගය සඳහා පෙනී සිටීම සියලු දරුවන්ට අනිවාර්ය කරමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය ඉවත් කිරීමට කටයුතු කරන්නැයි තමන් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

 නුගේගොඩ අනුලා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කළේය.

අධ්‍යාපන අමාත්‍යවරයා මෙම තීරණය ගෙන තිබෙන්නේ ශිෂ්‍යත්ව විභාගය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ පත්කරනු ලැබූ සමාලෝචන කමිටුවේ නිර්දේශයන් ද සැලකිල්ලට ගනිමිනි.

ඊට හේතුව වී තිබෙන්නේ ශිෂ්‍යාධාර අපේක්ෂා නොකරන සහ ශිෂ්‍යත්ව විභාගයෙන් ජනප්‍රිය පාසල් අපේක්ෂා නොකරන සිසු දරුවන් පවා ශිෂ්‍යත්ව විභාගය ට පෙනී සිටිම හේතුවෙන් ශිෂ්‍යත්ව විභාගයේ තරගකාරිත්වය තවදුරටත් ඉහළ යා‍ම සහ දරුවන් මතට පැටවෙන  අනවශ්‍ය බර ප්‍රමාණය වැඩි වීමයි. ඒ අනුව ඉදිරියේ දී කැමැත්ත අනුව ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිම හෝ නොසිටීම තීරණය කිරිමට ඔවුන්ට අවකාශය හිමිවනු ඇති.  

ශිෂ්‍යාධාර සඳහා රජය වාර්ෂිකව වැය කරන මුදල රුපියල් එක්කෝටි තිස්පන් ලක්ෂයකට ආසන්න වන අතර  ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පමණක් වැය වන මුදල රුපියල් කෝටි දෙකකට ආසන්න  බව ද අනාවරණය වී ඇත.

නිරෝෂා ප්‍රියදර්ශනී

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.