සංචාරක හිතැති ත්‍රිරෝද රථ සේවාවක්
- 2018-07-30 12:21:22
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට දේශීය විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය ඉහළ නැංවීම වෙනුවෙන් සංචාරක හිතැති ත්‍රිරෝද රථ සේවාවක් (ටුක් ටුක්) හඳුන්වාදීමේ පළමු වැඩසටහන යටතේ විශේෂ පුහුණුවක් ලැබූ ත්‍රිරෝද රථ රියදුරන්ට සහතිකපත් සහ ඔවුන් සංචාරක කර්මාන්තයට යොමු කිරීමේ නියමු වැඩසටහන අද (30දා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලුමුවදොර පිටියේදී සිදුවිණි.
අදාළ වැඩසටහන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මෙහෙයවීම යටතේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාවට නංවා තිබේ.
මෙම ව්‍යාපෘතිය මගින් වයස අවු 18ත් 21ත් අතර වයසේ පසුවන ත්‍රිරෝද රථ රියදුරන්ට විශේෂ පුහුණු පාඨමාලාවක් හඳුන්වාදී ඇති අතර එය සම්පූර්ණ කළ ත්‍රිරෝද රථ රියදුරන්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් ලබා දෙන සහතිකයක්, ස්ටිකර් සහ විශේෂ හැඳුනුපතක් ලබාදීමට මෙහෙදී පියවර ගෙන තිබේ.
මෙම වැඩසටහන යටතේ පුහුණුවලත් රියදුරන් හඳුනාගෙන වඩා ඵලදායී සංචාරක අත්දැකීමක් ලබා ගැනීමට සහ වඩාත් ආරක්ෂිත සහ සංවිධානාත්මක සංචාරක තෝරාගැනීම් සඳහා දේශීය හා විදේශීය සංචාරකයන්ට ඉඩ සැලසෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments