සරසවි ප්‍රවේශ අයදුම්පත් අත්සන් කර ගැනිමට සිසුන්ට දින දෙයි
- 2020-05-19 12:56:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පාසල් වසා දැමීම නිසා පාසල් අපේක්ෂකයින් ලෙස උසස් පෙළ විභාගයට පෙනී සිට, විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගේ ප්‍රවේශ අයදුම්පත් සහතික කරවා දීම සඳහා එළඹෙන මැයි 20, 21, 22 යන තෙදින ඇතුළත අවස්ථාව සලසා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රධානීන් වෙත දන්වා සිටී.
මතුව ඇති අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින්, සෞඛ්‍ය බලධාරීන් විසින් නිර්දේශ කර ඇති සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අදාළ එක් එක් පාසල්වල විදුහල්පතිවරයා හෝ නියෝජ්‍ය විදුහල්පතිවරයා විසින් තම පාසලෙන් උසස් පෙළ සමත්ව, විශ්වවිද්‍යාල ප්‍රවේශය ලද සිසුන්ගේ අයදුම්පත් සහතික කරවා දීම සිදුකළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments