සරසවි ප්‍රවේශ අයදුම්පත් සහතික කිරීමේ කාලය දිගු කරයි

2025 මැයි මස 02 පෙ.ව. 11:13 - {{hitsCtrl.values.hits}}  

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පාසල් වසා දැමීම නිසා, පාසල් අපේක්ෂකයින් ලෙස උසස් පෙළ විභාගයට පෙනී සිට, විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගේ ප්‍රවේශ අයදුම්පත් සහතික කරවා දීම සඳහා පසුගිය සතියේ ලබා දී තිබූ අවස්ථාව නැවතත් එළඹෙන මැයි 27 බදාදා,  28 බ්‍රහස්පතින්දා, මැයි 29  සිකුරාදා යන තෙදින තුළ ද ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රධානීන් වෙත දන්වා ඇත.

මතුව ඇති අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින්, සෞඛ්‍ය බලධාරීන් විසින් නිර්දේශ කර ඇති සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අදාළ එක් එක් පාසල්වල විදුහල්පතිවරයා හෝ නියෝජ්‍ය විදුහල්පතිවරයා විසින් තම පාසලෙන් උසස් පෙළ සමත්ව, විශ්වවිද්‍යාල ප්‍රවේශය ලද සිසුන්ගේ අයදුම්පත් සහතික කරවා දීම සිදුකළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...