සාපෙළට උපකාරක පංති පැවැත්විම හෙටින් තහනම්
- 2018-11-26 16:52:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2018 අධ්‍යාපන පොදු සහිතක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව හෙට (27දා) මධ්‍යම රාත්‍රී සිට විභාගය අවසන් වන දෙසැම්බර් මස 12 වන දා දක්වා සම්පූර්ණ කාලය තුළ සියලු උපකාරක පන්ති තහනම් කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
සියලු විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම, එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, එම විභාග සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබා දෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම සපුරා තහනම් වෙයි.
යම් අයෙක් හෝ ආයතනයක් වෙනත් පාර්ශවයක් මෙම නියෝග නොසලකා ක්‍රියා කරයි නම්, ඒ තැනැත්තා හෝ ආයතනය හෝ එම පාර්ශවය වැරදිකරුවෙකු වෙයි.
මෙම නියෝගය යටතේ එය උල්ලංඝනය කරන ඕනෑම අයෙක් අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවතින බවත් විභාග නීති කඩ කිරීමක් සිදු කළහොත් වහාම විභාග දෙපාර්තිමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය වන 1911 හෝ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාලාවට දැනුම් දෙන ලෙස ද විභාග දෙපාර්තිමේන්තුව ඉල්ලීමක් කරයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments