සාපෙළට සෞඛ්‍ය අනිවාර්ය කරයි
- 2018-06-06 15:35:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට සෞඛ්‍ය අනිවාර්ය විෂයයක් ලෙස හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2023 වසරේදී සිදු කිරීමට නියමිත මීළඟ පාසල් විෂයමාලා සංශෝධනයේදී අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය දක්වා 'සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය' යන විෂය අනිවාර්ය විෂයක් ලෙස පාසල් තුළ ඉගැන්විය යුතු බවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ විද්වත් කමිටුව විසින් සිදුකරනු ලැබ ඇති යෝජනාවද සැලකිල්ලට ගනිමින් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ නිර්දේශ ලබාගැනීමෙන් අනතුරුව එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.
වර්තමාන පාසල් විෂය නිර්දේශය තුළ හය වසර සිට නවය වසර දක්වා පමණක් 'සෞඛ්‍ය විෂය' අනිවාර්ය විෂයක් ලෙස ඉගැන්වෙන අතර අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට එම විෂය අනිවාර්ය නොවේ.
ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව සිදුවන මරණ සංඛ්‍යා‘වෙන් 75% ක් පමණ බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන බවට හා මුළු ජනගහනයෙන් 72.5% ක් පමණ එළවළු හා පලතුරු අවශ්‍ය ප්‍රමාණයට ආහාරයට නොගන්නා බවත් කාන්තාවන්ගෙන් 44% ක් පමණ ප්‍රමාණවත් පරිදි කායික ව්‍යායාමයන්හි නොයෙදෙන බවට හෙළිවීමෙන් පසු මෙම තත්ත්ව මගහරවා ගනිමින් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගත කිරීමට සෞඛ්‍යය පිළිබඳ මනා දැනුමක් ඇති කිරීම වෙනුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments