Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

2018 වසරේ පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ  ප්‍රතිඵල මාර්තු මස 28 වැනි දා නිකුත් කිරීමට නියමිත බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.

සෑම වසරක ම විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා නිශ්චිත දින පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය ගත් තීරණය අනුව මෙසේ මාර්තු 28 දා ප්‍රතිඵල නිකුත් කිරිමට නියමිතය.

සෑම වසරකම පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සෑම වසරක ම ඔක්තෝබර් මස 05 වැනි දින ලබාදීමට ද, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල  මාර්තු 28 දින  ලබාදීමට ද, උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල දෙසැම්බර් 27 දින ලබාදීමට කටයුතු කරයි.  

2018 වසරේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් අපේක්ෂකයින් 422,850ක් සහ පෞද්ගලික අපේක්ෂකයින් 233791 ක්ද අයදුම්කර ඇති අතර,  ඒ අනුව සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව 656641කි.

පසුගිය වසරේ දෙසැම්බර් මස 03 වැනි දා සිට 12 වැනි දා තෙක් දිවයින පුරා මධ්‍යස්ථාන 4661 ක මෙම විභාගය පැවැත්වීය.

පසුගිය වසර වල  මෙන් ම මෙවර ද සියලු අපේක්ෂකයින්ගේ විභාග ප්‍රතිඵල අන්තර්ජාලයට මුදාහැරීමට කටයුතු යොදා ඇති අතර, www.donets.lk වෙබ් අඩවියට පිවිසප්‍රතිඵල නිරීක්ෂණය කිරීමේ අවස්ථාව ද සලසා දී ඇත.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.