සාපෙළ ප්‍රවර්ධන කටයුතු අදින් අවසන්
- 2019-11-26 13:04:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට අදාළ සියලුම ප්‍රවර්ධන කටයුතු අද (26දා) මධ්‍යම රාත්‍රී 12.00 වනවිට අවසන් කළයුතු බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අනුව අද (26දා) සිට සාමාන්‍ය පෙළ විභාගය අවසන් වන ලබන මස 12 වැනි දින දක්වා කාලය තුළදී සාමාන්‍ය පෙළ විභාගයට අදාළ සම්මන්ත්‍රණ පැවැත්වීම විෂයානුබද්ධ දේශන උපකාරක පන්ති පැවැත්වීම, අත්පත්‍රිකා මුද්‍රණය, බෙදා හැරීම සපුරා තහනම් බවද විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.
මෙම නියෝග කඩ කළහොත් විභාග පනතට අනුව ක්‍රියාමාර්ග ගන්නා බවත්, නීති උල්ලංඝනය කිරීම පිළිබඳව 1911 දුරකථන අංකය මගින් හෝ 0112784208 දුරකථන අංක මගින් විභාග දෙපාර්තමේන්තුව හෝ 119 හෝ 0112421111 දුරකථන අංකය මගින් පොලීසියට දැනුම් දිය හැකි බවත් හෙතෙම සඳහන් කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments