Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන නවක සාමණේර ස්වාමින්වහන්සේලා පුහුණු කිරීමේ ජාතික වැඩසටහනේ 08 වන අදියර  2020 පෙබරවාරි මස 16 වන දින සිට 23 වන දින දක්වා පන්නිපිටිය දෙව්රම් මහා විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

සමාරම්භක උත්සවය පෙබරවාරි 16 වන දින පෙරවරු 9.00 ට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර සිරිසුමන පාර්ශ්වයේ මහා නායක ත්‍රිපිටක විභූෂණ විද්‍යා විශාරද ආචාර්ය අතිපූජ්‍ය කොළොන්නාවේ සිරි සුමංගල මහානායක ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආරම්භවේ.

නවක සාමණේර ස්වාමින්වහන්සේලාගේ ආකල්ප සංවර්ධන කිරීම සඳහා පැවැත්වෙන මෙහි සම්පත් දායකත්වය අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ඒකකය මඟින් සිදුකරනු ලබයි. දින 09ක් පුරා මාතලේ දිස්ත්‍රික්කය ආවරණය කරමින් නවක සාම‍ණේර ස්වාමින්වහන්සේලා සිය නමක් මේ යටතේ පුහුණු කරනු ලැබේ.

සිවුරු හා පාත්‍ර භාවිතය සහ බුද්ධ වන්දනා හා වත් පිළිවෙත් පිළිබද මුලික දැනුම ලබාදීම, භාවනාව පිළිබඳ හැඳින්වීම සහ ප්‍රායෝගික පුහුණුව ලබාදීම, සූත්‍ර ධර්ම අධ්‍යයනය, ධම්ම පදය පිළිබද මූලික අවබෝධය සහ ප්‍රායෝගික පුහුණුව ලබාදීම, පිණ්ඩපාතය පිළිබද ප්‍රායෝගික පුහුණුව ලබාදීම සහ කවි, ගාථා ගායනා පුහුණුව ලබාදීම යනාදිය මෙම වැඩසටහන යටතේ සිදු කෙරේ.

2020.02.23 දින පෙරවරු 9.00 ට සමාප්ති උලෙළ පැවිදි ගිහි සම්භාවනීය පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.