Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකරීන්හි නියුතු ශ‍්‍රී ලංකා ගුවන් හමුදා 04 වන හෙලිකොප්ටර් බලඝණය සුවිශේෂි ප‍්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවක් පසුගිය මාසය පුරා ක‍්‍රියාත්මක කරන ලදී.

එහිදී හමුදා - සිවිල් සහයෝගීතා වර්ධනය කිරිමේ ප‍්‍රධාන වැඩසටහන් 04 ක් මෙන්ම ඖෂධ ප‍්‍රදානය කිරීමේ වැඩසටහන් කිහිපයක්ම ක‍්‍රියාත්මක කරන ලදී.

මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ, බ්‍රියා නගරය අවට ගම්මාන කිහිපයක වැසියන් හට තම දුක්බර ජීවන ගමනට සහනයක් වන්නටත් යුධ වාතාවරණයට මැදිවූ කුඩා දරු දැරියන්ගේ ළමා මනසට අස්වැසිල්ලක් වෙමින් සුන්දර ළමා මතකයන් රැසක් ඔවුන්ගේ මනසෙහි තැන්පත් කරන්නටත් මෙම වැඩසටහන් මාලාව ක‍්‍රියාත්මක කිරීම තුළින් හැකිවිය.

මෙමගින් වයස අවුරුදු 8 ට අඩු දරු දැරියන් 1000 කට අධික ප‍්‍රමාණයකට වරප‍්‍රසාද හිමිවිය. ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණය මගින් ළමා ඇඳුම් සහ පාපන්දු ඇතුළු සෙල්ලම් බඩු විශාල  ප‍්‍රමාණයක් බෙදා දුන් අතර පාසල් දරු දැරියන් 300කට පමණ පාසල් උපකරණ ප‍්‍රදානයක් ද සිදු කරන ලදී.

ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ සියලුම සාමාජිකයන් විසින් තම දිනක සලාක දීමනාව වැයකොට  පෝෂ්‍යදායී ආහාර පාර්සල් 2000 කට අධික ප‍්‍රමාණයක් ගම්වාසීන් වෙත බෙදා දීමටද මෙම වැඩසටහන් මාලාව තුළදී කටයුතු කරනු ලැබිය.

මෙම හමුදා - සිවිල් සහයෝගීතා වැඩසටහන් මාලාවට අමතරව ඖෂධ ප‍්‍රදානය වැඩසටහන් කිහිපයක්ද බ්‍රියා ප‍්‍රාදේශීය රෝහලේදී පවත්වන ලදී. මෙම ඖෂධ තොගයට හදිසි ජීවිතාරක්‍ෂක ඖෂධ, ප‍්‍රතිජීවක, වේදනා නාශක සහ තවත් ඖෂධ කිහිපයක්ද ඇතුළත් විය.

මෙම සියලුම වැඩසටහන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඇණියේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් රසාංග ද සොයිසා ගේ මගපෙන්වීම යටතේ සහ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ නැගෙනහිර බලප‍්‍රදේශයේ හමුදා - සිවිල් සහයෝගීතා නිලධාරී ඊජිප්තු හමුදාවේ මේජර් ඩෝආ අලි ස්මයිල් ගේ උපදේශනය යටතේ සිදුකරන ලදී.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.