සිංහරාජයේ අලි දෙදෙනා සුරක්ෂිතයි
- 2019-01-11 12:44:57
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සිංහරාජ වනයේ සිටි අලි දෙදෙනාම සුරක්ෂිතව සිටින බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සිංහරාජ වන අඩවි කාර්යාලය සඳහන් කරයි.
එක් අලියෙකු අතුරුදන්ව සිටින බවට පරිසර සංවිධාන ප්‍රකාශ සිදුකර තිබෙන බවත්, අලින් දෙදෙනා සැමවිටම එකට ගමන් නොකරන බවත් එම කාර්යාලය පෙන්වා දෙයි.
මේ වනවිට අලින් දෙදෙනා ස්ථාන දෙකක සිටින බවත්, අදාළ තොරතුරු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා යැවූ බවත් එම කාර්යාලය සඳහන් කරයි.
අලින් දෙදෙනා පිළිබඳ නිරන්තරයෙන් සොයා බැලීම සිදුකරන අතර, ඔවුන් ආහාර සොයාගෙන සිංහරාජ වනාන්තරයේ ගමන් කරන බවද එම කාර්යාලයේ නිලධාරියෙක් සඳහන් කළේය.
මේ නිසා අලි දෙදෙනාගෙන් එක් අලියෙකු අතුරුදන් වී සිටින බවට සිදුකරන ප්‍රකාශ සාවද්‍ය බවද එම කාර්යාලය පෙන්වා දෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments