Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සිගරට් භාවිතය අවම වන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින රටක් බවට පත්ව ඇති බව මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) සඳහන් කරයි.

මෙරට දුම්පානය 2010 වසරේ සිට ක්‍රමයෙන් අඩුවෙමින් තිබෙන අතර,2018 වසරට සාපේක්ෂව 2019 වසරෙදී 17෴ කින් දුම්පානය අඩුවී ඇති බව දුම්කොළ සමාගමේ වාර්ෂික වාර්තාවේ සඳහන් වී ඇති බව මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ(ADIC) සම්පත් ඩී සෙරම් මහතා පැවසීය.ඒ අනුව පසුගිය 2019 වසරේදී සිගරට් ඒකක මිලියන 550 කින් අලෙවිය අඩුවී ඇතිබවද හෙතෙම සඳහන් කළේය.

දුම්පානයට විරුද්ධ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිස් සහ සිවිල් සංවිධාන ඇතුළු විශාල පිරිසක් අතීතයේ සිට මේ වෙනුවෙන් කටයුතු කර ඇති බවත්, රටක් වශයෙන් මේ පිළිබඳ සතුටුවිය හැකිබවත් සම්පත් මහතා පැවසීය.

එසේ වුවද නිවැරදි බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් දුම්කොළ සමාගම අධික ලාභයක් ලබමින් සිටින අතර, පසුගිය වසර 05 තුළ ඔවුන් බිලියන 100 වැඩි ලාභයක් උපයා ඇති බවද හෙතෙම පෙන්වාදුන්නේය.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.