සිගිරි නැරඹිමේ කාලය වෙනස් කරයි
- 2019-02-15 12:32:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සීගිරි නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් හට ඇතුළුවීමේ ප්‍රවේශපත්‍ර නිකුත් කරන වේලාව ලබන 15 වැනිදා සිට උදෑසන 6.30 ට ආරම්භ කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කළ බව මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කළමනාකාර මේජර් අනුර නිශාන්ත මහතා පැවසීය.
මීට පෙර සීගිරියට නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කරනු ලැබුවේ උදෑසන 7.00 සිට පස්වරු 5.00 දක්වා වූ කාල රාමුව තුළ දීය. බොහෝ විදේශීය සංචාරකයන් අලුයම් කාලයේ සීගිරි පව්වට නැග ඉර පායන දර්ශනය නැරඹීම සඳහා දැඩි කැමැත්තක් දක්වන බවත් ඒ සඳහාම සීගිරියට පැමිණෙන බව ඔහු සඳහන් කළේය .
දැනට අතිවිශාල සංචාරකයන් පිරිසක් සිගිරි නැරඹිම සඳහා පැමිණෙන බවද පෙරවරුවේ 09 ත් 11ත් දැඩි තදබදයක් පවතින නිසා එම තත්ත්වය අවම කොට සංචාරකයන්ට කරදරයකින් තොරව සිගිරි නැරඹිමට අවස්ථාව උදා කර දීම සදහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ද එකඟත්වය පරිදි විෂය භාර ඇමති සජිත් ප්‍රේමදාස මහතා අනුමැතිය ලබා දී ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments