සිඳුරළ ඔස්ට්‍රේලියාවට යයි
- 2018-08-23 11:22:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඔස්ට්‍රේලියානු නාවික හමුදාව විසින් දෙවසරකට වරක් පවත්වනු ලබන කකාඩු (KAKADU) නාවික අභ්‍යාසයට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව ත්‍රිකුණාමලය වරායෙන් ඔස්ට්‍රේලියාව බලා පිටත් විය.
මෙම නෞකාව වරායෙන් පිටත්වීම නාවික හමුදා සම්ප්‍රදායානුකූල චාරිත්‍ර මධ්‍යයේ සිදු කෙරිණි.එම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා සහභාගී විය.
නෞකාවේ සමස්ත කාර්යමණ්ඩලය 150 දෙනෙකුගෙන් සමන්විත වන අතර, එයට නිලධාරීන් 26 දෙනෙකු සහ නාවිකයන් 124 දෙනෙක් ඇතුළත් වෙති.
බහුපාර්ශ්වික කකාඩු පුහුණු අභ්‍යාසය එළඹෙන 30 වැනිදා සිට සැප්තැම්බර් මස 16 වැනිදා දක්වා ඔස්ට්‍රේලියාවේ ඩාවින් මුහුදු තීරය ආශ්‍රිතව පැවැත්වෙන අතර, එහිදී මානුෂීය ආධාර, ආපදා ප්‍රතිචාර සහ සාගර සෙවුම් සහ මුදවාගැනීමේ මෙහෙයුම් ඇතුළු සාගරික සහ ගුවන් ඒකාබද්ධ නාවික අභ්‍යාස රැසක් සිදු කරනු ලබයි.
පිලිපීනය, බංග්ලාදේශය, කැනඩාව, චීනය, ෆීජි, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, පාකිස්තානය, සිංගප්පූරුව, ඇමෙරිකා එක්සත් ජනපදය හා වියට්නාමය ඇතුළු රටවල් 26ක නාවික හමුදා එක්ව මෙම අභ්‍යාසය සිදු කිරීමට නියමිත අතර, ඒ සඳහා නෞකා 24ක් සහ ගුවන් යානා 21ක්ද සහභාගි වීමට නියමිතය.
Reply To:
Name - Reply Comment
0 Comments