Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

එකම කෘතියක් අවසානයන් 20,000 ක් සහිතව රචනා කරමින් ප‍්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ චිත‍්‍ර ශිල්පිනියක් සහ ළමා කතා ලේඛිකාවක් වන සිබිල් වෙත්තසිංහ මහත්මිය සහ මෙරට විවිධ ප‍්‍රදේශවල දරුවන් 20,000ක් එක්ව ගිනස් වාර්තාවක් පිහිටුවා තිබේ.

සිබිල් වෙත්තසිංහ මහත්මිය ලෝක ළමා දිනයට සමගාමීව දිවයින පුරා ළමුන් 20,000ක් සම්බන්ධ කරගනිමින් ”පුදුම පළිඟුව” ‘‘Wonder Crystal‘‘ළමා කෘතිය රචනා කරමින් මෙම වාර්තාව පිහිටුවා තිබේ.

ලොව එකම කෘතියක් වැඩිම අවසානයන් ප‍්‍රමාණයක් සහිතව රචනා කර ඇති අවස්ථාව ලෙසිල් එයට මෙම ගිනස් වාර්තාව හිමිව ඇත. මෙම වාර්තාවට අදාළ සහතිකය සිබිල් වෙත්තසිංහ මහත්මිය ඇතුළු දරු දැරියන් වෙත ප‍්‍රදානය කිරීම කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී අද (05) උත්සවාකාරයෙන් සිදුකෙරිණි. ඒ ගිනස් ආයතනයේ නිල විනිශ්චයකරුවකු වන ස්වප්නිල් දන්ග්රිකාර් මහතාගේ ද සහභාගීත්වයෙනි.

මෙම කෘතිය රචනා කිරීමේ කාර්යය සිලෝන් බිස්කට් සමාගමේ සංකල්පයක් අනුව ක‍්‍රියාත්මක කර තිබේ.

පසුගිය වසරේ ලෝක ළමා දිනයට සමගාමීව සිබිල් වෙත්තසිංහ මහත්මිය විසින් අවසානයක් නොමැතිව රචනා කළ ‘පුදුම පළිඟුව’ නමැති ළමා කෘතියට එයට අවසානයක් ලබාදීම සඳහා සිලෝන් බිස්කට් සමාගමේ නිලධාරීන් එය දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පාසල් සිසුන්ට ලබාදී ඇති අතර ඒ අතුරින් සිසුන් 20,000ක් එම කෘතියට අවසානයන් රචනා කර ඇත.

දරුවන්ගේ පරිකල්පන ශක්තිය හා නිර්මාණශීලීත්වය වර්ධනය කිරීමේ අරමුණ ඇතිව සිබිල් වෙත්තසිංහ මහත්මිය හා එක්ව පසුගිය ලෝක ළමා දිනය දා මෙම වැඩසටහන ආරම්භ කළ බවත්, එයට අවසානයන් 20,000ක් ලැබීමෙන් පසු එය ලෝක වාර්තාවක් විය හැකි බව සිතා ගිනස් වාර්තා ආයතනයට ඉදිරිපත් කිරීමට සිලෝන් බිස්කට් සමාගම තීරණය කළ බවත් එම සමාගමේ කළමනාකරු (මහජන සම්බන්ධතා) ජානක බොතේජු මහතා පැවසීය.

ඒ අනුව ගිනස් වාර්තා ආයතනයට සියලූ තොරතුරු ලබාදීමෙන් පසු ඔවුන් විසින් මෙය ගිනස් වාර්තාවක් බවට තහවුරු කළ බව ද ඔහු සඳහන් කළේය. මීට අමතරව මෙම පාසල් දරුවන් විසින් ලබාදුන් අවසානයන් පිළිබඳ විශ්ලේෂණයක් ඒ ඇසුරින් මෙරට දරුවන්ගේ පරිකල්පන හැකියාව පිළිබඳ වාර්තාවක් සකස් කිරීමට කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ අධ්‍යයන අංශයේ මහාචාර්ය සුභානි හේරත් මහත්මිය කටයුතු කරගෙන යන බව කී බොතේජු මහතා  එහි සංක්ෂිප්ත වාර්තාවක් එළිදැක්වීම ද නෙළුම් පොකුණ රඟහලේදී සිදුකෙරිණි.

තමන් ද එක්ව පිහිටවූ මෙම ගිනස් වාර්තාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ සිබිල් වෙත්තසිංහ මහත්මිය පැවසුවේ තමන්ට ලැබුණු සියලු ජාත්‍යන්තර සම්මානයන්ට වඩා මෙම වාර්තාව පිහිටුවීමෙන් සතුටක් ලැබූ බවයි. රට පුරා දරුවන් ද එක්කරගනිමින් මෙවන් කටයුත්තක් කරන්නට ලැබීම පිළිබඳව තමන් සතුටු වන බව කී වෙත්තසිංහ මහත්මිය ඒ වෙනුවෙන් සහයෝගය ලබාදුන් සිලෝන් බිස්කට් සමාගමට ස්තුතිවන්ත වන බව ද සඳහන් කළාය.

මේ වන විට 92 හැවිරිදි වියෙහි පසුවන සිබිල් වෙත්තසිංහ මහත්මිය දශක ගණනාවක් තිස්සේ මෙරට දරු පරපුර වෙනුවෙන් විවිධ නිර්මාණ විශාල ප‍්‍රමාණයක් එළිදක්වා තිබේ. සිලෝන් බිස්කට් සමාගමේ සභාපති කළමනාකරු රම්‍ය වික‍්‍රමසිංහ මහතා ඇතුළු එහි ප‍්‍රධානීන් පිරිසක් මෙන්ම මෙම වාර්තාවට එක් වූ දරු දැරියන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ඩයනා උදයංගනී)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.