සියයට 79.09ක් ශිෂ්‍යත්වය සමත්
- 2018-10-08 13:19:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි තුන්ලක්ෂ පනස්දහස් එකසිය අනූ එක්දෙනාගෙන් 79.09%ක් විභාගය සමත් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එය පසුගිය වසරේදී 69.4%ක් වූ බවත්,සමස්ත ප්‍රමාණයෙන් 10.32%ක් දිස්ත්‍රික් කඩඉම් ලකුණු ප්‍රමාණයට වඩා ලකුණු ලබාගෙන තිබෙන බවත් විභාග කොමසාරිස් සනත් පූජිත මහතා සඳහන් කළේය.
එම ප්‍රතිශතය පසුගිය වසරේදී 9.46%ක් වූ අතර, සමත්වීමේ ප්‍රතිශතය ගණනය කර තිබෙන්නේ එක් ප්‍රශ්න පත්‍රයකට ලකුණු 35ක් ලබාගැනීම ගණනය කර යැයිද ඔහු පවසා සිටියේය.
79.9%ක් සමත්වීම මෑත කාලයේදී ඉතාමත් හොඳ අගයක් බවත්, කඩඉම් ලකුණුවලට වඩා ලකුණු ගැනීමට 10.32%කට හැකි වී තිබෙන නිසා එයද ඉතාමත් ඉහළ අගයක් බවත් ඒ මහතා සඳහන් කළේය.
පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පිළිබඳ නැවත පරීක්ෂාවක් සිදු කිරීමට අවශ්‍ය නම් මේ මස 20 වැනි දිනට පෙර විදුහල්පතිවරුන් හරහා අභියාචනා ඉදිරිපත් කළ යුතු බවද සනත් පූජිත මහතා පවසා සිටියේය.
ඔක්තෝබර් මස 05 වැනිදානිකුත් කළ පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලවලට අදාළ අභියාචනා ඉදිරිපත් කිරීමට අවශ්‍ය උපදෙස්, ප්‍රතිඵල ලේඛනය සමග විදුහල්පතිවරුන්ට ලබාදී ඇතැයි කොමසාරිස්වරයා කියා සිටියේය.
අගෝස්තු 05 වැනිදා පැවැති පහවසර ශිෂ්‍යත්ව විභාගය සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 355,363 දෙනෙකු අයදුම් කර තිබෙන අතර, 350,191 දෙනෙකු විභාගයට පෙනී සිට ඇත.
ප්‍රතිඵලවලට අනුව පළමු ස්ථාන දෙකක් බිහි වී තිබෙන අතර,ඒ පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයේ බුමිත් මෙත්නුල් විතානගේසහ ගම්පහ ශාන්ත මරියා මහා විද්‍යාලයේ කුරුකුලසූරිය සනුප දිමත් පෙරේරාය.
මීට අමතරව දෙවැනි ස්ථාන තුනක්, තෙවැනි ස්ථානයක් සහ හතර වැනි ස්ථාන විසිතුනක් වශයෙන් බෙදී ගොස් තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments