Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කොරෝනා වෛරසය (කොවිඩ්-19) ආසාදිතයෙකු වූ රෝගියෙකු මෙරටින් හඳුනාගැනීමත් සමඟ ඉදිරියේදී ඇතිවිය හැකි කවර හෝ අවදානමෙන් ශ්‍රී ලාංකීය දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙළක්  ක්‍රියාවට නංවා ඇත.

මෙම වෛරසය ආසාදිතව ඇති පුද්ගලයා දිවයිනේ ප්‍රදේශ කිහිපයක සංචාරය කර ඇති බව වාර්තා වි  ඇති බැවින් ඉදිරියේ දී යොදා තිබෙන සියලු පාසල් අධ්‍යාපන හා ක්ෂේත්‍ර චාරිකා  නතර කරන ලෙස ඒ අනුව, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දෙනු ලැබේ.

රටේ දරුවන් සම්බන්ධව වඩාත් සංවේදීව කටයුතු කළ යුතු මොහොතක් බැවින් මෙම තීරණ ගෙන ඇති අතර, දරුවන් ඇතුළු සියලු දෙනාගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති උපදෙස් නිසියාකාරව පිළිපදින ලෙසද අවධාරණය කරන අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව  අවශ්‍ය  ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා බවද  වැඩිදුරටත් දන්වා සිටියි. 

එසේම පැතිර යන විවිධ කටකතා සහ සාවද්‍ය තොරතුරු  පිළිබඳ අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසත්, සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධව වඩාත් විමසිලිමත්ව හා  සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රජාව වෙත වැඩිදුරටත් දන්වා සිටී.  

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.