Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පිහිටි ගෙටි කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ඉපැරණි ග්‍රීක යුගයට අයත් පිත්තල ප්‍රතිමාවක් නැවතත් ඉතාලිය වෙත ලබා දිය යුතු බවට ඉතාලි ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දුවක් ලබා දුන්නේය. ග්‍රීසියේ විසූ මහා ඇලෙක්සැන්ඩර් රජුගේ පෞද්ගලික ප්‍රතිමා නිර්මාණශිල්පියා වූ ලිසිප්පොස් විසින් නිර්මාණය කළ ප්‍රතිමාවක් ලෙස මෙය සැලකෙයි.

මළල ක්‍රීඩකයෙකු නිරූපණය වන ආකාරයට නිමවා ඇති මෙම පිත්තල ප්‍රතිමාව %වික්ටෝරියස් යූත්^ නමින් හැඳින්වෙයි. මෙම ප්‍රතිමාවේ හිමිකම සම්බන්ධයෙන් දැනට දශක ගණනක් පුරා ඇමෙරිකානු කෞතුකාගාරය සහ ඉතාලිය අතර මතභේදකාරී තත්ත්වයක්ද හට ගෙන තිබුණි. එහිදී ප්‍රතිමාව හමුවූයේ ඉතාලියට අයත් ගංගාවකදී බවට ඉතාලිය පවසයි. එහෙත් එය හමුවූයේ ජාත්‍යන්තර ජලයේදී බවට කෞතුකාගාරය පවසයි.

ක්‍රි.පූ. 300 සිට ක්‍රි.පූ. 100 දක්වා කාලසීමාව අතරදී මෙය නිර්මාණය වූ බව විශ්වාස කෙරේ. සියවස් ගණනක් අතුරුදන්ව තිබීමෙන් අනතුරුව ඉතාලියේ ආද්‍රියාතික් වෙරළේ ජීවත් වූ ධීවරයෙකුට 1964 වසරේදී මෙම ප්‍රතිමාව පළමුවරට හමුවී ඇත. කෙසේ වෙතත් අවසානයේදී මෙය රටින් පිටට ගොස් තිබේ. එහිදී කිසිදු අපනයන බලපත්‍රයක් නොමැතිව එය හොර රහසේම පිටව ගොස් ඇතැයි ඉතාලිය චෝදනා කරයි. 1977 වසරේදී ගෙටී කෞතුකාගාරය පෞද්ගලික කලා නිර්මාණ එකතු කරන්නෙකුගෙන් මෙය මිලදී ගෙන ඇත්තේ ඩොලර් මිලියන 4ක මුදලකටය. (wmdjbm)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.