Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින්, පාසල් අවට සිදු කෙරෙන විවිධ විෂ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරම මුලිනුපුටා දැමීමේ විධිමත් වැඩපිළිවෙළක් සියලු පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් කි‍්‍රයාවට නංවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

ඒ සඳහා අවශ්‍ය නීති ද කඩිනමින් සංශෝධනය කර කි‍්‍රයාවට නංවන ලෙස ජනාධිපතිවරයා සඳහන් කරයි. මත්ද්‍රව්‍ය පාලනය සහ අවම කිරීම සම්බන්ධයෙන් අද (10දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ජනපතිවරයා මේ බව සඳහන් කළේය.

පාසල් අවට සිදුවන විවිධ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සිසුන් ඊට ඇබ්බැහිවීම පිළිබඳ විවිධ තොරතුරු තමා වෙත ලැබී ඇති බව සඳහන් කළ ජනපතිවරයා මෙම ව්‍යසනයට හිස එසවීමට ඉඩ නොතබන ලෙස ද පොලීසිය වෙත උපදෙස් දුන්නේ ය.

එමෙන්ම මත්ද්‍රව්‍යවලට අදාළ විමර්ශන කටයුතුවල දී අනෙකුත් ආයතනවල සහය ලබා ගැනීම, බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා ගෙන ඇති පියවර ඇතුළු කරුණු පිළිබඳව ද සාකච්ඡාවට ලක් කෙරිණි.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.