සිසුන් පිළිතුරු සැපයූ ආකාරය ගැන අහන්න එපා
- 2018-08-05 11:02:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අද දිනයේදී ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සියලුම සිසුන් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සිය සුබ පැතුම් එක්කර තිබේ.
“විභාගය ඔබගේ දැනුම මැන බැලෙන එක් සුවිශේෂ ඇගයුම් ක්‍රියාවලියකි. එහෙත් මෙහිදී දරුවන්ගේ සියලු දැනුම හා හැකියාවන් විභාගය තුළින් මතුකර පෙන්වන්නට දී හැකියාව නොලැබෙයි.
එහෙත් දෙන ලද කාලසීමාවක් තුළ විෂය දැනුම ආශ්‍රිතව නිශ්චිත ව විමසා සිටින ප්‍රශ්න සමූහයකට පිළිතුරු සැපයීමේ අභියෝගයට දරුවන්ට මෙහි දී මුහුණ දෙන්නට සිදුවෙයි. කාල කළමනාකරණය, කාර්යක්ෂමතාව, අභියෝගවලට නොසැලී මුහුණ දීමේ ආත්ම විශ්වාසය, මතක ශක්තිය මේ හරහා පරීක්ෂා කෙරෙයි.
විෂය දැනුමින් ඉතා පොහොසත් ඇතැම් දරුවන්ට විභාග දැනුම අල්ප වීමෙන් විශිෂ්ට ප්‍රතිඵල මඟහැරී යයි. විභාග දැනුමත් විෂය දැනුමත් සමබර වූ දරුවන් විශිෂ්ට සාමාර්ථ අත්පත් කරගනියි. කෙසේ වෙතත් විභාග යනු දරුවන්ගේ ජීවිත තීරණය කරන එක ම සාධකය නොවන බව විශේෂයෙන් ම වැඩිහිටියන් අවධාරණයට ගත යුතුය.
මේ නිසා ම දරුවන් විභාගය ලියා අවසන්ව නිවසට පැමිණි පසු ඔවුන් පිළිතුරු සැපයූ ආකාරය ගැන, විභාගයට ලියූ පිළිතුරු ගැන අනවශ්‍ය විමසීම් හා බලපෑම් කරමින් අනවශ්‍ය පීඩනයක් ලබා නොදෙන මෙන් සියලු මව්පියන්ගෙන් ඉල්ලා සිටින්නට ද මෙය අවස්ථාවක් කරගනිමි.
පහේ ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මාසයේ මුල් සතිය තුළ ම පවත්වන්නට ජාතික මට්ටමින් තීරණය කළ එක් හේතුවක් වූයේ ද දරුවන්ගේ පාසල් නිවාඩු කාලය නිදහසේ ගත කරන්නට විභාගයෙන් අනතුරුව ඉඩ සැලසීමයි.” යැයි අමාත්‍යවරයා සඳහන් කරයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments