සිළුමිණ හා රැස කර්තෘ සමුගනී

2025 මැයි මස 20 ප.ව. 07:42 - {{hitsCtrl.values.hits}}  

දේශපාලන විචාරකයෙකු සහ කර්තෘවරයකු සිළුමිණ පුවත්පතේ සහ රැස පුවත් පතේ කර්තෘ චාමර ලක්ෂාන් කොළඹ මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ. පසුගිය පොසොන් පෝදා ලේක්හවුස් ආයතනය විසින් මෙහෙයවන මිහින්තලය ආලෝක පූජාව සඳහා සහභාගී වීමට ගොස් සිටිය දී චාමර ලක්ෂාන් හදිසි හෘදයා බාධයකට ලක්විය. කෙසේ වෙතත්, ඔහුට හෘදයාබාධයක් වැළඳී ඇති බව අනෙක් අය දැනගෙන ඇත්තේ ද මඳක් පමා වී බවයි වාර්තා වන්නේ.

අනතුරුව ගුවන් මගින් කොළඹ ගෙනැවිත් ඇති චාමර ලක්ෂාන් කොළඹ මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලොවින් සමුගත්තේය. මිය යනවිට ඔහු 39 වන වියේ පසුවිය. චාමර ලක්ෂාන් ලක්බිම, රිවිර සහ ඉරුදින යන පුවත්පත්වල ද කලක් සේවය කළේය.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...