සුනාමියට අවුරුදු 15යි 26 දා විනාඩි දෙකක් නිහඩ වෙන්න
- 2019-12-24 10:52:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සෑම වසරකම දෙසැම්බර් මස 26 වන දිනට යෙදෙන ජාතික සුරක්ෂිත දිනය හේතුවෙන් එළැඹෙන 26 දා දිනයේද පෙ.ව. 9.25 සිට 9.27 දක්වා දිවයින පුරා සියලුම රාජ්‍ය ආයතනද ඇතුළත්ව විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කරන ලෙස ආපදා කළමනාකරණය මධ්‍යස්ථාන පවසයි.
2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කිරිම උදෙසා 2005 වර්ෂයේ අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් ජාතික සුරක්ෂිත තා දිනය නම් කර තිබේ.
එළැඹෙන 26දාට යෙදෙන්නේ සුනාමි ව්‍යවසනයට අවුරුදු 15ද සම්පූර්ණ වෙයි.
මෙම දිනයේදී සුනාමි ව්‍යසනය මෙන්ම අනෙකුත් ව්‍යසන නිසා මියගිය ජනතාව සිහිපත් කරමින් පිං පැමිණවීම සිදුකරයි.
මෙවර ජාතික සුරක්ෂිත දින ප්‍රධාන උත්සවය ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ මහජනතාවගේ සහභාගීත්වයෙන් ගාල්ල, තෙල්වත්ත, පැරෑලිය සුනාමි ස්‌මාරකය අබියස දී 2019.12.26 දින පෙරවරු 9.00 ට පැවැත්වීමට සැලසුම් කර ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments