සුනාමි ව්‍යසනයට අදට වසර 14යි
- 2018-12-26 08:55:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සුනාමි ව්‍යසනය සිදුවී අද (26දා) වසර 14ක් ගත වී තිබෙන බවත්, ආපදාවන්ට ලක්වූ ජනතාව සිහිපත් කිරීම සඳහා උදෑසන 9.25 සිට 9.27 දක්වා වූ විනාඩි 02ක කාලය නිශ්ශබ්දතාව රැකීමේ කාලය ලෙස වෙන්කර තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ලංකාවාසී ජනතාව ඒ අවස්ථාවේදී රැඳී සිටින ස්ථානයේ සිට මෙම විනාඩි දෙකක කාලය නිශ්ශබ්දතාව රැකීමේ අවස්ථාවට සහභාගි විය හැකි ‘බවද එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කිරීම හා පිං පැමිණවීම සඳහා අද ජාතික සුරක්ෂිතතා දිනය ලෙස නම්කර තිබෙන බවත්, එම වැඩසටහනේ ජාතික උත්සවය ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ සහ ජනතාවගේ සහභාගිත්වයෙන් අද උදේ පැරෑලිය සුනාමි ස්මාරකය අසලදී පැවැත්වෙන බවත් කියා සිටියේය.
මීට සමගාමීව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන මගින් වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. 2004 දෙසැම්බර් 26 වැනිදා සුනාමි ව්‍යසනය සිදුවිණි.
Reply To:
Name - Reply Comment
0 Comments