සුරක්ෂා’ රක්ෂණයෙන් කෝටි 134ක ප්‍රතිලාභ
- 2019-09-26 06:31:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යාපන අමත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන ‘සුරක්ෂා’ රක්ෂණය මගින් මේ වනවිට රුපියල් කෝටි 134ක මුදලක් ප්‍රතිලාභ ලෙස ගෙවා ඇතැයි එම අමාත්‍යංශය කියයි. ‘සුරක්ෂා’ රක්ෂණාවරණයේ ප්‍රතිලාභ ලබාගැනීම සඳහා ඉල්ලීම් 29,000ක් ලැබී තිබූ බවද අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි. ‘සුරක්ෂා’ රක්ෂණය යටතේ රජයේ පාසල් පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල් සහ පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සිසුන්ට හා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට සෞඛ්‍ය, ජීවිත හා අනතුරු රක්ෂණාවරණ හිමිවන අතර සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ ප්‍රතිලාභ ලබාගැනීම වේගවත්ව ක්‍රියාවට නැංවෙමින් පවතින බව පෙන්වා දෙයි.
2018 දෙසැම්බර් මස 01 දා සිට සුරක්ෂා සිසු රක්ෂණය ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ අලියාන්ස් ඉන්ෂුරන්ස් ලංකා ලිමිටඩ් ආයතනය එක්ව සිටින අතර වයස අවුරුදු 5-21 අතර සිටින සියලු පාසල් දරුවන්ට සෞඛ්‍ය රක්ෂණාවරණ, අනතුරු රක්ෂණාවරණ සහ ජීවිත රක්ෂණාවරණ අවස්ථා මේ යටතේ සලසා දී තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments