සුරක්ෂා රක්ෂණය රක්ෂිතයි
- 2019-11-29 12:51:59
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සුරක්ෂා රක්ෂණය අහෝසි කිරීම සඳහා ආණ්ඩුව තීරණය කොට ඇතැයි අද (29) දින ඇතැම් ජනමාධ්‍යවල ද ඇතැම් සමාජ මාධ්‍ය ජාලා තුළ ද පළ වී ඇති වාර්තා මුළුමනින්ම සත්‍යයෙන් තොර බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.
මෑත කාලීනව ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ වැදගත් ව්‍යාපෘතියක් ලෙස සුරක්ෂා රක්ෂණය හැඳින්වීමට තමා කිසිවිටෙකත් නොපැකිළෙන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස තමාගේ පැහැදිලි කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය තීරණය කරනු ලැබුවේ මෙම රක්ෂණය සඵලදායී ව්‍යාපෘතියක් වුවද ක්‍රියාත්මක පාර්ශවයේ දී සිදු වූ සියලු දුර්වලකම් සහ අනීතික ක්‍රියාකාරකම් දුරු කොට දරුවනට උපරිම ප්‍රතිලාභ හිමිවන සේ ක්‍රියාත්මක කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ජාතික වගකීමක් ලෙස කිසිදු අක්‍රමිකතාවකට ඉඩ නොතබමින් මෙම සිසු රක්ෂණය ක්‍රියාත්මක කිරීමේ වගකීම අධ්‍යාපන අමාත්‍යාංශය භාරගනු ලබන්නේ ගෞරවයෙන් හා විශ්වාසයෙන් බවත් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
Reply To:
Name - Reply Comment
0 Comments