සුරක්ෂා රක්ෂණාවරණය නවතා නෑ
- 2020-01-08 14:05:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සුරක්ෂා සිසු රක්ෂණ දීමනාව දිගටම ක්‍රියාත්මකයි
රජයේ සියලු පාසල්, පිරිවෙන්, පෞද්ගලික පාසල් මෙන් ම ජාත්‍යන්තර පාසල්වල සිසුන්ටද ප්‍රතිලාභ හිමිවන අයුරින් ක්‍රියාත්මක වන සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන අත්හිටුවා නැති බවත් රටේ දරුවන්ගේ යහපත වෙනුවෙන් ආරම්භ කළ වැඩසටහන් පටු දේශපාලන අරමුණුවලින් බැහැර ව අගය කරන අතර, එහි ගැටළු, අක්‍රමිකතා ඇති තැන් වෙතොත් ඒවා ද නිවැරදි කර, ඉදිරියටත් ක්‍රියාවට නැංවීමට නොපැකිළ ව සූදානම් බව ද අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.
සුරක්ෂා සිසු රක්ෂණ ඉල්ලීම් අදාළ රක්ෂණ ආයතනය විසින් ආපසු හරවා එවන බවට ඇතැම් මාධ්‍යවල පළ ව තිබූ ප්‍රවෘත්තීන් කෙරෙහි අවධානය යොමු කරමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවෙන අතර, සුරක්ෂා සිසු රක්ෂණය සම්බන්ධ විමසීම්,අදහස් හෝ පැමිණිලි වෙතොත් පහත දුරකථන ඔස්සේ 0112784163 සහ 0112784872 අංකය අමතා එම ශාඛාව සමග සම්බන්ධ වීමට ද අවස්ථාව සලසා දී තිබේ.
මේ වන විට සුරක්ෂා රක්ෂණ හිමියන් වෙනුවෙන් සෘජු ප්‍රතිලාභ ලබා දීමට එකඟත්වය පළ කර ඇති ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහල් 62ක, ඇතුළත් වීමේ ගාස්තු ගෙවීමකින් ද තොර ව නේවාසික ප්‍රතිකාර ගැනීමට අවස්ථාව සලසා ඇත. මෙහි දී කළ යුතු වන්නේ අදාළ රෝහල් කළමනාකාරීත්වය හරහා සුරක්ෂා රක්ෂණ ආයතනය වෙත දැනුම් දීමක් සිදු කිරීම යි.සුරක්ෂා හිමිකම ලබන සියලු පාසල් සිසුන් වෙත සුරක්ෂා රක්ෂණ කාඩ් පත ලබා දීමට දැනටමත් පියවර ගෙන ඇති අතර, එම කාඩ්පත නොමැති වුව ද කිසිදු අපහසුවකින් තොර ව මේ රක්ෂණ ප්‍රතිලාභ සඳහා අයැදුම් කළ හැකි ය.
Reply To:
Name - Reply Comment
0 Comments