Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සිංහල සාහිත්‍ය කලාවට සුවිශේෂ වු සේවයක් කළ ප්‍රවීණ නවකතා කරුවෙකු පුවත්පත් කලාවේදියකු මෙන්ම විශිෂ්ට ටෙලි නාට්‍ය තිර රචකයකු වන සෝමවීර සේනානායක මහතා අභාවප්‍රාප්ත විය. 1944 නොවැම්බර් 25 දින උපන් ඔහු අභාවප්‍රාප්ත  වන විට  74 වැනි වියේ පසු විය.  1944 වර්ශයේ නොවැම්බර් 25 වන දින උපත ලබා ඇති සේනානායක මහතා කුඩාගම කණිටු විදුහල, ඇපලපිටිය විදුහල සහ රුවන්වැල්ල රාජසිංහ මැදි විදුහල්වලින් ශිල්ප හදාරා ඇත. විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලද 1966 දී හා 1976 දී ශාස්ත්‍රපති උපාධිය ලබා ගෙන ඇත.  1970 දී සාහිත්‍ය නිර්මාණ පිළිබඳ ඩිප්ලෝමා උපාධිය ද ලබා ගෙන ඇත. 1972 දී සෝමවීර බොරලැස්ගමුවේ රූපා ලාලනි බමුණුආරචිචි සමග විවාහ වී පුතෙකුගේ හා දියණියගේ පියෙක් විය. අකලංක විශ්වමිත්‍ර සහ මධුභාෂිණි සේනානායක පුතු සහ දියණියයි.

රූපවාහිනී ප්‍රෙක්ෂකයන් අතර මහත් ජනප්‍රියත්වයට පත් යශෝරාවය, දූ දරුවෝ, මැණික් නදිය ගලා බසී, මවකගේ ගීතය, බලදේවගේ ලෝකය,රන් කහවණු, මිහිකතගේ දරුවෝ, අසල්වැසියෝ - 1, අසල්වැසියෝ - 2, මවකගේ ගීතය, කන්දෙ ගෙදර - 1, කන්දෙ ගෙදර - 2, ගිරය, මට මතකයි, දූ දරුවෝ (කොටස් 230), සඳළු තලය, අපේ ඇත්තෝ, අම්මයා තාත්තායි, සිටුවරයෝ. නෑදෑයෝ, සෙනහෙවන්තයෝ, සුබ දවසක, නිර්මාණයන් ද චරිත තුනක් සිත නිවන කතා වැනි නාට්‍ය ඇතුළු ටෙලිනාට්‍ය රැසක පිටපත් රචනය කරන ලද්දේ සෝමවීර සේනානායක මහතා විසිනි. ජනාදරයට පත් ‘පළිඟු මැණිකේ’ ඔහුගේ පලමු ටෙලි නාට්‍ය වෙයි. ලස්සන වස්තුව, දඩ මං ඔස්සේ, ගඟ අද්දර කැලේ, දියෙන් උපන් කුමාරයා ළමා පොත් පොත් රචනා කලේද මෙතුමා විසිනි.  අඹු සැමියෝ, ආදරයට බය මිනිස්සු, එක් ටැම් ගෙවල්, මවකගේ ගීතය (1972 හොඳම නවකතාව - රාජ්‍ය සාහිත්‍ය සම්මානය)
මතු දවස, ඉර හඳ පායන ලෝකය, යශෝරාවය (1977 හොඳම නවකතාව - රාජ්‍ය සාහිත්‍ය සම්මානය), බලදේවගේ ලෝකය වැනි ජනප්‍රිය නව කතා රචනා කලේද සෝමවීර සේනානයක මහතා සුද්දා පරාදයි, භවතු සබ්බ මංගලම්. වන්දනා ගමන කෙටිකතා ද රචනා කර ඇත. වෙසක් පහන, වින්කල් පැංචා, මල් මාවත, යොමා නුවන්, අපූරු ගම, දෙමව්පියෝ, දරු සුරතල්, නදී තෙර, වෙස් බැඳි මිනිස්සු, උඩු පිලයි යටි පිලයි, තවත් පෙරහැරක්, අහළ පහළ, අම්මා තාත්තා. , අඹු සැමියෝ, පහන් සිළුව, සහෝදරයෝ, එහා ගෙදර, අපේ කාලේ පාටාචාරාවක්, හිත මිතුරෝ. අඳුරට එළියක්. එක වහල යට .අලුත් නෑයෝ, ගැල් ගව, කන්ද උඩ බංගලාව, අම්මාවරු. කැපකරු මවුපිය. වන්දනා ගමන, මලක කඳුළු, සහන් එළිය වැනි ඒකාංගික නාට්‍ය මාලා ද රචනා කර ඇත. බෞද්ධ සමාජයක් බිහිකිරීමට නිර්මාණය කළ සිත නිවන කතා ටෙලි නාට්‍ය මාලාව අතිශය ජනප්‍රිය විය.

සිරිකත මහිම, බුලත් මහිම. ජල දහරාවෝ, දළදා මාලිගාවේ අවුරුදු සිරිත, රම්‍ය අටමස්ථානේ, වාසනාවෙ මල් පිපිලා, මිටියාවතක, පනහ සපිරි රස දහසක්, පුන්‍ය භූමි, සිරි දළදා පෙරහැර සිරිත, පුවත්පතක් බිහිවෙයි, සඳේ තනියට පුංචි තරුවක්, පිපුණු මලේ රුව, යළිත් වසන්තය, සවි ශක්ති වාර්තා වැඩ සටහන් රැසක්ද නිර්මාණය කර තිබෙන්නේ සෝමවීර සේනානායක මහතාය.

ආරාධනා, සූරියකාන්ත, ජීවිතයෙන් ජීවිතයක්, සත්වෙනි දවස, සෙනෙහසක, කඳුළු, මිහිඳුම් සිහින, පෙති ගෝමර, පොඩි රාලහාමි, මැණික් මාළිඟා, තනි තරුව, වෑකනදේ වලව්ව තිර කතා රචනයන්ද මෙතුමාගේය. 

රාජ්‍ය සම්මාන රැසක් දිනා ඇති සේනානායකයන් අස්ගිරි මහා විහාරය විසින් 2002 වර්ෂයේ දී ධරම් සාහිත්‍ය කලා චූඩාමාණී ගෞරව නාම සම්මුතිය  යෙන්ද පිදුම් ලබා ඇත.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.