Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

හත්වැනි ජනාධිපති තෝරා ගැනීමේ ඡන්ද විමසීම හෙට (16දා) උදෑසන 7.00 සිට සවස 5.00 දක්වා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

අද (15දා) සිට ඡන්ද විමසීම අවසන් වනතුරු හා ප්‍රතිඵල නිකුත් කර සතියක කාලයක් යන තුරු පොලීසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ද සකස් කර තිබේ.

මෙහි ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් හැට දහසකට අධික ප්‍රමාණයක් රාජකාරියේ යොදවා සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

ඡන්ද පොළවල් දොළොස් දහස් අටසිය පනස් හයක් පිහිටුවා තිබෙන අතර, 2018 ඡන්ද හිමි නාමලේඛනයේ නම සඳහන් සියලුම ඡන්ද දායකයන් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබේ.

මේ අනුව ඡන්ද දායකයන් එක්කෝටි පනස් නව ලක්ෂ අනූදෙදහස් අනූහයක් සුදුසුකම් ලබා තිබෙන අතර, මෙම පිරිසෙන් හයලක්ෂ පනස් නවදහස් තුන්සිය දාහතක් තැපැල් ඡන්ද දායකයන් වේ. තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ පසුගිය මස 31 හා මේ මස 01 වැනි දින හා 4 සහ 5 යන දිනවල පැවැත්විණි.

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් තිස්පස් දෙනෙකු තරග කරන අතර, මේ නිසා ඡන්ද පත්‍රිකාවේ දිග අඟල් 26ක් බවට පත්වී තිබේ. මැතිවරණ රාජකාරි සඳහා ලක්ෂ දෙකකට අධික රාජ්‍ය සේවකයන් ඍජුවම රාජකාරියේ යොදවා තිබෙන අතර, ගණන් කිරීමේ මධ්‍යස්ථාන ප්‍රමාණය හතළිස් තුනකි.

සමස්ත ඡන්දපොළවල් ආවරණය වන පරිදි පොලිස් ජංගම මුර සංචාර තුන්දහස් හතළිස් තුනක් සිදුකිරීමට සැලසුම් කර තිබෙන අතර, මැතිවරණයේ ආරක්ෂක කටයුතු සඳහා යොදා සිටින පොලිස් නිලධාරීන් අද (15දා) දිනයේදී අදාළ ස්ථාන වෙත වාර්තා කිරීමටද නියමිතය.

පළමු ඡන්ද ප්‍රතිඵලය හෙට (16දා) මධ්‍යම රාත්‍රී 12.00ට පෙර ලබාදීමට හැකියාව තිබෙන බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.