Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ 2020 වසරේ සිය සංවර්ධන සැලැස්ම තිරසාර පාරිසරික සංරක්ෂණයට අනුකූල වන පරිදි සිදු කිරිමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති අමරානන්ද වීරසිංහ මහතා පවසයි.

මෙහිදී විශේෂයෙන්ම මධ්‍යම කඳුකරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල සංවේදී පාරිසරික කලාපයන්හි ජාතික පාරිසරික ගැටලුවක් බවට පත්ව ඇති පාංශු හායන තත්ත්ත්වය අවම කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබා දෙමින් සියලු සංවර්ධන වැඩසටහන් සැලසුම් කරන බව සභාපතිවරයා අවධාරණය කරයි.

මෙම වැඩපිළිවෙළ යටතේ  ප්‍රජාවගේ සහභාගිත්වය ඇතිව 2020 වර්ෂයේදී හෙක්ටයාර් 2500ක පාංශු හායන තත්ත්වයන් අවම කිරිම සඳහා පියවර ගෙන ඇත. මේ සඳහා පාංශු සංරක්ෂණය, පාංශු ප්‍රතිවර්තනය සහ භෝග වගාව වැනි වැඩසටහන් මෙන්ම ප්‍රජාවගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා ගෘහස්ත ඒකක කුඩා පරිමාණයේ සත්ත්ව පාලන කටයුතු සඳහා යොමු කිරීමට නියමිතව තිබේ.

මේ සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක 12ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 40ක් හඳුනා ගැනීමට කටයුතු කරන බව පවසන සභාපතිවරයා මේ සඳහා වාර්ශිකව වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 150කි. එසේම මේ සඳහා සහභාගි කර ගැනීමට අපේක්ෂා කරන ගොවි සංඛ්‍යාව 15000කට අධික බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.