හම්බන්තොට සහ මුලටියන පාසල් හෙටත් වැසේ
- 2019-10-30 14:46:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දැනට පවත්නා අයහපත් කාලගුණය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියළුම පාසල් සහ මාතර දිස්ත්‍රික්කයේ මුලටියන අධ්‍යාපන කලාපයේ සියළුම පාසල් හෙට (31 දා) දිනයේ ද වසා දමන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා පළාත් අධ්‍යාපන බලධාරීන්ට නියෝග කළේය.
දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා අද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආපදාවට ලක් වූ ප්‍රදේශ නිරික්ෂණය කරන අතරතුරදී මෙම නියෝගය ලබා දුන්නේය.
අධික වර්ෂාව හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ගංවතුර සහ නායයාම් අවදානම් තත්වය තවමත් පැවතීම හේතුවෙන් තවදුරටත් එම පාසල් වසා තැබීමට ආණ්ඩුකාරවරයා තීරණය කොට ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments