Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම පුරාවිද්‍යාඥයෙකු හා වාස්තු විද්‍යාඥයෙකු මෙන්ම හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු වූද මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රථම අධ්‍යක්ෂ ජනරාල් වරයා වූද ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතා අද දින (01දා) අභාවප්‍රාප්ත විය. 

1933 දී උපත ලද සිල්වා මහතා කොළඹ ශා. ජෝසප් විද්‍යාලයේ මූලික අධ්‍යාපනයෙන් අනතුරුව වරලත් වාස්තු විද්‍යාඥයෙකු වශයෙන් වෘත්තිය ජීවිතය ආරම්භ කළ අතර ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් පුරාවිද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ලබා ගන්නා ලදී.

1960 දී සහකාර කොමසාරිස්වරයෙකු ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බැඳුණු ඒ මහතා, එහි වසර 31ක සේවා කාලය තුළ විවිධ තනතුරු හොබවමින් අවසානයේ පුරාවිද්‍යා කොමසාරිස් ධූරයට පත් විය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසන් කොමසාරිස්වරයා මෙන්ම පළමු අධ්‍යක්ෂ ජනරාල්වරයා වූයේ ද ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතායි.

ඔහුගේ සේවා කාලය තුළ දී සිදුවූ සුවිශේෂී කාර්යයක් නම් මධ්‍යම සංස්කෘතික අරමුදල ආරම්භ කිරීමට දායක වීමයි. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක ස්මාරක සංරක්ෂණය විධිමත් කිරීමේ අරමුණින් යුනෙස්කෝ ආධාර යටතේ 1980 වසරේදී යුනෙස්කෝ ශ්‍රී ලංකා සංස්කෘතික ත්‍රිකෝණය නමින් මධ්‍යම සංස්කෘතික අරමුදල ආරම්භ කරන ලදී.

පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිතව අනුරාධපුර, පොළොන්නරුව, සීගිරිය, දඹුල්ල හා මහනුවර යන ලෝක උරුම නගර ‍කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වූ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරීත්වය නිසා ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක උරුමයන් පිළිබඳව දෙස් විදෙස් ජනතාවගේ අවධානය  තීව්‍ර විය. එහි ප්‍රථම අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද 1980 සිට 1997 දක්වා වසර 17ක් කටයුතු කළේ ය.

ස්මාරක සහ ස්ථාන පිළිබඳ ජාත්‍යන්තර කවුන්සලයේ සභාපතිවරයා ලෙස තෙවරක් අඛණ්ඩව  පත්වී ඇති ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතා ගත්කතුවරයෙකු ලෙස ද ඉතිහාසය, පුරාවිද්‍යාව, වාස්තු විද්‍යාව පිළිබඳ ග්‍රන්ථ රාශියක් රචනා කොට ඇති අතර ඔහුගේ සමකර්තෘත්වයෙන් යුතුව 1990 පුරාවිද්‍යා ශත සංවත්සරය නිමිත්තෙන් එළි දක්වන ලද ශ්‍රී ලංකා බිතුසිතුවම්/ශ්‍රී ලංකා මූර්ති ග්‍රන්ථ මාලාව අදාළ ක්ෂේත්‍රය පිළිබඳව එතෙක් මෙතෙක් ලියවී ඇති සුවිශේෂී ග්‍රන්ථ සමූහයක් බව පිළිගැනේ.

කෙටිකලක් අසනීපව සිටි ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතා මිය යන විට 86 වන වියේ පසු වූ අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.