Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

1929 ශ්‍රි ලංකා ළමා උපකාරක දුරකතන සේවය වෙත වාර්ෂිකව පැමිණිලි 9000 අධික ප්‍රමාණයක් ලැබෙන බවත් ඉන් 1500 ආසන්න ප්‍රමාණයක් අනිවාර්ය අධ්‍යාපනය සම්බන්ධ රෙගුලාසි කඩවීම් සම්බන්ධයෙන් බවත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරයි.

ජූනි 12 වෙනිදාට යෙදෙන ළමා ශ‍්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය වෙනුවෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.

ළමා ශ්‍රමයට එරෙහි වී, ළමා ශ්‍රමය නිමා කිරීම සඳහා එවැනි සිදුවීම් පිළිබඳව දවසේ පැය 24 ක්‍රියාත්මක, ඇමතුම් ගාස්තු රහිත 1929 ශ්‍රි ලංකා ළමා උපකාරක දුරකතන සේවය අමතා දැනුම් දෙන ලෙසත් එම අධිකාරිය දැනුම් දෙයි.

මෙවර ළමා ශ‍්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනයේ තේමාව වන්නේ  “ළමා ශ්‍රමය නිමා කරමු, නැවුම් සිහින සැබෑ කරමු” යන්නයි.

 ළමා ශ‍්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය වෙනුවෙන් ළමා අපයෝජන හා විවිධ සමාජ, ආර්ථික, ගැටලු හේතුවෙන් වින්දිත, ආන්තික හා අනාරක්ෂිතභාවයට පත්වූ ළමයින්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීම, ළමයින් ද්විතික වින්දිතභාවයට පත් වීම අවම කිරීම හා ළමයා පාසල් හැර යාමේ ප්‍රවණතාවන් අවම කිරීමේ අරමුණින් විශේෂ වැඩසටහනක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් දියත් කිරීමට සැලසුම් කර තිබේ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.