Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ෆාහියන් හිමියන්ගේ ධර්ම ගවේෂණ චාරිකාවට 1620 වසක් සැපරීම වෙනුවෙන් පැවැත්වුණු  “ෆාහියන් දේශාටනය හා මුහුදු සේද මාර්ගය” පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ සමාරම්භක අවස්ථාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊ‌යේ (28දා) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

චීන - ශ්‍රී ලංකා මිත්‍රත්වයේ සදානුස්මරණීය සංකේතය ලෙස සැලකෙන ෆාහියන් හිමියන්ගේ ලංකා ගමනය ක්‍රි.ව 410දී සිදු වූ බව සැලකේ.

උන්වහන්සේ මෙරට වසර දෙකක් වැඩ වෙසෙමින්, සිද්ධස්ථාන වැඳපුදාගත් බවත්, ධර්ම ග්‍රන්ථ සොයා පිටපත් කිරීමෙහි යෙදුණ බවත් ඉතිහාසයේ සඳහන් වේ.

එමෙන්ම චීනය හා ශ්‍රී ලංකාව අතර බෞද්ධ පුනරුදය ඇතිවීමට ද උන්වහන්සේගේ ලංකා ගමනය හේතු වූ බව සඳහන් වෙයි.

ශ්‍රී ලංකා ලුං හුවා ආයතනය, නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය එක් ව ශ්‍රී ලංකාවේ පළමු වරට සංවිධානය කළ මෙම ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට ෆාශියන් හිමියන් උපන් පළාතේ නගර සභා නියෝජිතයන්, බෞද්ධ සංවිධාන මෙන් ම ෆාහියන් පර්යේෂණායතන යන ආයතනවල නියෝජිතයන් ද සහභාගි වී සිටියහ.

 “ෆාහියන් දේශාටනය හා මුහුදු සේද මාර්ගය” සම්මන්ත්‍රණය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් සමරු මුද්දරයක් එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරිණි.

පාසල් දරුවන් අතර පැවති චිත්‍ර තරගාවලියේ ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සහතික පත් ප්‍රදානය කිරීම ද ජනාධිපති අතින් සිදු විය.

ලිංෆන් ෆාහියන් සංස්කෘතික ආයතනයේ සභාපතිනිය වෙත ගෞරව සම්මානයක් පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර මෙම සුවිශේෂී අවස්ථාව සනිටුහන් කරමින් දෙරට අතර සිහිවටන හුවමාරු කර ගැනීම ද සිදු කෙරිණි.

අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක ස්වාමින්වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද  චීන ජාතික මහා සංඝනායක හිමිවරුන් ඇතුළු භික්ෂුන් වහන්සේ ද, කථානායක කරු ජයසූරිය, අමාත්‍යවරුන් වන ගාමිණි ජයවික්‍රම පෙරේරා, සජිත් ප්‍රේමදාස, අබ්දුල් හලීම් යන මහත්වරුන් ද ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් ,  ලුංහුවා ආයතනයේ සභාපති මහාචාර්ය හව් වේමින් යන මහත්වරුන් ඇතුළු චීන රජයේ නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.