2018 වසර සඳහා පාසල් පෙළ පොත් මුද්‍රණය අඩුවෙන්
- 2018-05-15 14:34:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2018 වසර සඳහා සමස්ත පෙළපොත් අවශ්‍යතාවය 41,189,027 ක් ව තිබියදී පෙළපොත් 28,210,600 ක් පමණක් මුද්‍රණය කිරීමට කටයුතු කිරීමෙන් බරපතල පෙළපොත් හිඟයක් ඇති වී ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජොශප් ස්ටාලින් මහතා පවසයි.
මුද්‍රණය කර ඇති පෙළපොත් ප්‍රමාණය තුළ ගුරුවරුන්ට අවශ්‍ය පෙළපොත් සංඛ්‍යාව ඇතුළත් නොවීම හා ගුරුවරුන්ට ඉගැන්වීම් කටයුතුවලට අවශ්‍ය පෙළපොත් ලබා නොදීම තුළ ගුරුවරු බරපතල පීඩාවකට පත්ව ඇතැයි ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
මුද්‍රණය කළ පෙළ පොත් 28,210,600 තුළ 1-4 ශ්‍රේණි සඳහා අවශ්‍ය පොත් 8,802,100 ක් හා 9 ශ්‍රේණිය සඳහා අවශ්‍ය පොත් 6,432,000 ක්, වැඩපොත් 2,630,000 අනිවාර්යයෙන් මුද්‍රණය කළ යුතු වුවත් සත්‍ය වශයෙන්ම මුද්‍රණය කර ඇත්තේ සමස්ත පෙළපොත් අවශ්‍යතාවයෙන් කුඩා ප්‍රමාණයක් බව පහැදිලි වෙන්නේ යැයි එම නිවේදනයේ දැක්වේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments