2019 පළමු දින 07ට ඩෙංගු රෝගීන් 563ක්, මී උණ රෝගීන් 44ක්
- 2019-01-14 12:59:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2019 වසරේ පළමු දින 07ට ඩෙංගු රෝගීන් 563ක් සහ මී උණ රෝගීන් 44 දෙනෙකු වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ගෙවීගිය දින 07ක කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 153 දෙනෙකු වාර්තා වී ඇත. ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 30ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 19ක්ද වාර්තා වී තිබේ.
යාපනය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 137ක් ඇතුළුව කිලිනොච්චි දිස්ත්‍රික්කය හැර ලංකාවේ අනෙකුත් සෑම දිස්ත්‍රික්කයකින්ම රෝගීන් වාර්තාවී ඇත.
පළාත් පාලන බලප්‍ර‘දේශයක් ලෙස වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් 2018 වසර අවසන්වනතෙක් වාර්තා වී තිබුණේ කොළඹ මහනගර සභා බලප්‍ර‘දේශය තුළිනි. එහෙත් ගෙවීගිය දින 07ක කාලය තුළදී එම බලප්‍ර‘දේශයේ කිසිදු ඩෙංගු රෝගියෙකු වාර්තා වී නැත.
ගෙවීගිය දින 07ක කාලය තුළ වාර්තා වී තිබෙන මී උණ රෝගීන් 44 දෙනාගෙන් දසදෙනෙකු වාර්තා වී තිබෙන්නේ මොනරාගල දිස්ත්‍රික්කයෙනි. මීට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 09 දෙනෙකුසහ බදුල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 05ක්ද, ගාල්ල හා මහනුවර, කළුතර දිස්ත්‍රික්කවලින් රෝගීන් තිදෙනා බැගින් සහ මාතර, මඩකලපුව දිස්ත්‍රික්කවලින් රෝගීන් දෙදෙනා බැගින්ද, අනෙකුත් සමහර දිස්ත්‍රික්කවලින් එක් රෝගියෙකු බැගින්ද වාර්තා වී තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments