2019 පළමු පාසල් වාරය හෙට ඇරඹේ
- 2019-01-01 15:05:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2019 වර්ෂයේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය හෙට(02) දිනයේදී ආරම්භ කිරීමට නියමිතය.
රජයේ පාසල්වල 2019 වර්ෂයේ පළමුවන ශ්‍රේණියේ සිසුන් සදහා විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීම 2019.01.17 වන දින සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.
එමෙන්ම තිළිණපත් වලින් නිල ඇඳුම් මිලදී ගැනීමේ දී පාසල් සිසු දරු දැරියන් වෙත කිසිදු බලපෑමක් සිදු නොකර ඒ සම්බන්ධව නිකුත් කර ඇති 41/2018 චක්‍රලේඛය අනුව කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කරයි.
ඒ ඇතැම් නිලධාරීන් සහ විදුහල්පතිවරුන් තෝරාගත් වෙළඳ ආයතන ප්‍රවර්ධනය කරන බවට සහ දෙමව්පියන් වෙත බලපෑම් සිදුකරන බවට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලැබෙන පැමිණීලි සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියහ.
පසුගිය සමයේ නිල ඇදුම් ලබාදීමේ දී සිදු වූ වංචා දූෂණ වළක්වා ගනිමින් රජය විසින් ලබාදෙන සහන අතරමැදියන්ගේ ගසාකෑමකින් තොරව සෘජුවම පාසල් දරුවන් වෙත ලබා දීමේ අරමුණින් නිල ඇදුම් වවුචර ක්‍රමය හදුන්වා දුන් බව ද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටින ලදී.
Reply To:
Name - Reply Comment
0 Comments