2020 පෙළ පොත් බෙදා හැරීම 16 දා
- 2019-08-13 16:35:30
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රජයේ සියලු පාසල් සිසු දරුවන්ට හා පිරිවෙන් ශිෂ්‍ය භික්ෂූණ්වහන්සේට 2020 වර්ෂය සඳහා නොමිලේ ලබාදෙන පෙළපොත් බෙදා හැරීම 2019 අගෝස්තු 16 වැනිදා සිකුරාදා නිල වශයෙන් ඇරඹේ.
අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් එදින පෙ.ව. 10.30 ට හෝමාගම පිටිපන පිහිටි අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තු ගබඩා සංකීර්ණයේ දී පෙළ පොත් බෙදාහැරීමේ නිල උත්සවය පැවැත්වේ.
නොමිලේ පෙළපොත් ලබාදීම සඳහා පමණක් රජය මෙවර රුපියල් මිලියන 4,165ක් වැය කරයි. පොත් වර්ග 448කින් පිටපත් මිලියන 43ක් සිසුන් අතට පත්කිරීමට නියමිතය.
පිරිවෙන් ශිෂ්‍ය භික්ෂූණ්වහන්සේ සඳහා 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පොත් වර්ග 54ක් පිරිනැමේ. 1සිට 11 ශ්‍රේණිය දක්වා පාසල් සිසුන්ගේ පෙළපොත් සහ 12 ශ්‍රේණියේ සාමාන්‍ය ඉංග්‍රීසි පෙළ පොත ද මේ පොත් වර්ග 448 අතරට අයත්ය.
Reply To:
Name - Reply Comment
0 Comments