2020 සිට සියලු ශිෂ්‍යාධාර මුදල් ඔන්ලයින් ක්‍රමයට
- 2019-08-18 16:25:06
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලබන වසරේ (2020) ජනවාරි මස සිට සියලු රජයේ සහ පෞද්ගලික පාසල්වල සහ පිරිවෙන්වල සිසුන් සඳහා ශිෂ්‍යාධාර ලබාදීම මාර්ගගත (Online) ක්‍රමයට සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශ තීරණය කර තිබේ.
එහි පළමු පියවර ලෙස පහ වසර ශිෂ්‍යත්වය සමත් සිසුන්ට ශිෂ්‍යාධාර මුදල් මාර්ගගත ක්‍රමයට ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා සෑම වසරකදීම සිසුන් 350,000කට ආසන්න පිරිසක් පෙනී සිටින බවත්, ඔවුන් අතරින් ශිෂ්‍යත්වය සමත් අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් 15,000කට පමණ ශිෂ්‍යාධාර ලබාදීම වාර්ෂිකව සිදු කෙරන බවත් එම අමාත්‍යාංශය පැවසීය.
ශිෂ්‍යත්ව සමතුන් වෙත මෙසේ ශිෂ්‍යාධාර ලබාදීම 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අඛණ්ඩව සිදු කෙරෙන ක්‍රියාවලියක් වන අතර, සිසුන්ට ශිෂ්‍යාධාර මුදල් ගෙවීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්‍ෂමව සිසුන්ට අපහසුවක් නොවන ආකාරයට නිශ්චිත කාල සීමාවක් තුළ සිදු කිරීම සඳහා මෙම පියවර ගෙන තිබේ.
එසේම දැනට ලබන මාසික ශිෂ්‍යාධාර මුදල වන රුපියල් 500 රුපියල් 750 දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා, අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවත්, ශිෂ්‍යාධාර සඳහා රජය විසින් වාර්ෂිකව රුපියල් මිලියන 362ක් වෙන් කරනු ලබන බවත් එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා සිටියේය.
Reply To:
Name - Reply Comment
0 Comments