2020 හා මොහිදීන් බෙග් වෙනුවෙන් මුද්දර
- 2020-02-19 16:55:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොළඹ මුද්දර දැක්ම 20 දා සිට ආරම්භ වන බවත් එහිදී ගායක මොහිදීන් බෙග් වෙනුවෙන් මුද්දරයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව මුද්දර කාර්යාංශය පවසයි.
මෙහිදී 2020 වර්ෂ සැමරුම් මුද්දරය අගමැති ප්‍රධානත්වයෙන් මෙහිදී නිකුත් කිරිමට නියමිතව තිබේ. ඒ 2020 වර්ෂය විශේෂිත වර්ෂයක් ලෙස ලොවම සලකන හෙයිනි.
හරිත ලෝකයක් අපේක්ෂාවෙන් 2020 වසරේ සිට රට තුළ ගොඩනැගෙන තිරස සංවර්ධනය මෙම මුද්දරය තුළින් ලොවට ගෙනයෑමට තැපැල් දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.
මෙම මුද්දරය නිකුත් කිරිමද 2020-02-20 වන දින පැය 20.20 (රාත්‍රී 8.20ට) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතගේ ප්‍රධානත්වයෙන් සිදුකිරිමට නැයමිතය.
2020 වසරේ ප්‍රථම කොළඹ මුද්දර දැක්ම හා ප්‍රදර්ශනය පෙබරවාරි 20-23 දා දක්වා පෙ.ව. 9.00ට ප.ව. 6.00 දක්වා තැපැල් මූලස්ථානයේදී පැවැත්වේ.
දෙස් විදෙස් මුද්දර, මුල්දින කවර, සිහිවටන පත්‍රිකා, කාසි, නෝට්ටු ආදී දෑ දැක බලා ගැනීමට අවස්ථාව ලැබෙන බව මුද්දර කාර්යාංශය පවසයි.
Reply To:
Name - Reply Comment
0 Comments