Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

2020 පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සෘණ වී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව එම කාර්තුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 1.6ක සෘණ අගයක් වාර්තා වෙන බව ඔවුන් නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙයි.

2020 ජනවාරි 01 දා සිට 2020 මාර්තු 31 දක්වා වන පළමු කාර්තුවට අදාළව මෙම ගණනය කිරීම් සිදුකර ඇති අතර එම කාර්තුවේදී ශ්‍රී ලංකවේ සේවා අංශයේ 3.1ක වර්ධනයක් ඇතිව තිබේ.

පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය සෘණාත්මක වීම සඳහා ලොවට බලපෑ කොවිඩ් 19 වසංගතය හේතුවක් වූ බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එසේම පසුගිය වසරේ ඇතිවූ පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව ඇතැම් අංශවලට නැවතත් යථා තත්ත්වයට පත්වීමට නොහැකි වීම 2020 වසරේ පළමු කාර්තුවේ සෘණ ආර්ථික වර්ධන වේගයක් ඇත්වීමට හේතුව බවද එම වාර්තාවේ දැක්වෙයි.

2019 වසරේ පළමු කාර්තුවේ  ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 3.7 අගයක පැවැතුණි. 2010 වසරේ ස්ථාවර මිල අනුව 2019 වසරේ පළමු කාර්තුවේ රුපියල් මිලියන 2 330 053ක් වූ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිශ්පාදිතය 2020 වසරේ පළමු කාර්තුවේදී රුපියල් මිලියන 2 292 589ක් දක්වා අඩු වී තිබේ.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.