2022-23 ශ්‍රී පාද වන්දනා සමය උඳුවප් පොහොයෙන් ඇරඹෙයි
- 2022-11-08 15:48:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2022-2023 වර්ෂය සදහා ශ්‍රී පාද වන්දනා වාරය එළඹෙන උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කරන බව ශ්‍රී පදස්ථානාධිපති පැල්මඩුල්ල රාජමහා විහාරය, රත්නපුර පොත්ගුල් විහාරය උභය විහාරාධිපති, රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝ නායක, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, ත්‍රිපිටකාචාර්යය අතිපුජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන් පැවසූහ.
ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් ඒ බැව් කියා සිටියේ 2022-2023 වසර සදහා ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කිරිම සම්බන්ධයෙන් නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් නල්ලතන්නිය ග්‍රාමසේවා කාර්යාලයේ රැස්විම් ශාලාවේ අද (08දා) රාජ්‍ය සහ පෞද්ගලික අංශ නිලධාරි දැනුවත් කිරිමේ රැස්විමේදිය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් කියා සිටියේ ශ්‍රි පාද අවාරයේ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රි පාද රජමහ විහාරස්ථානයේ තැන්පත් කර තිබෙන සාධාතුක කරඩුව, සමන්දේව ප්‍රතිමාව, දේව ආභරණ සහ පුජා භණ්ඩ 2022.12.05 දින චාරිත්‍රානුකුලව පිටතට වඩම්මවා එසේ වැඩම වු සාධාතුක කරඩුව , සමන්දේව ප්‍රතිමාව සහ දේව ආභරණ සහ පුජා භාණ්ඩ පෙරහැරවල් හතරක් ඔස්සේ ශ්‍රි පාද උඩ මළුව දක්වා වැඩම කරන බවයි.
රත්නපුර පලාබද්දල මාර්ගය, රත්නපුර එරත්න මාර්ගය, රත්නපුර අවිස්සාවේල්ල හැටන් මාර්ගය, පැල්මඩුල්ල බලංගොඩ බගවන්තලාව මාර්ගය ඔස්සේ සාධාතුක කරඩුව, සමන්දේව ප්‍රතිමාව සහ දේව ආභරණ, පුජා භාණ්ඩ වැඩම කරන බවයි.
එම පෙරහැරවල් ගමන් ගන්නා බගවන්තලාව බලංගොඩ මාර්ගයත්, අවිස්සාවේල්ල නෝටන්බ්‍රිජ් මස්කෙලිය මාර්ගයත් දැඩි ලෙස අබලන් වි ඇති නිසා ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත වන්දනාකරුවන් වෙනුවෙන් එම මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කරදෙන ලෙසයි.
තවද ශ්‍රී පාද වන්දනා වාරයේදි වෙලදසැල් ඉදි කිරිමේදි සහ දන්සැල් ලබාදිමේදි ඒ සදහා අවසර ලබාගත යුතු රාජ්‍ය ආයතන වලින් අවසර ලබාගෙන එම කාර්යන් ඉටු කරන ලෙසත්, ශ්‍රි පාදස්ථානය පුජනිය ස්ථානයක් සේ සලකා වන්දනාකරුවන් සහ ශ්‍රි පාදස්ථානය කෙන්ද්‍ර කරගනිමින් කටයුතු කරන රාජ්‍ය සහ පෞද්ගලික නිලධාරින් කටයුතු කල යුතු බවයි.
Reply To:
Name - Reply Comment
0 Comments